විදේශ අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය යළි ගල් යුගයට ඇද දැමූ හැටි.

Date:

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය විසින් සිදුකරන සහතික කිරීම් වලදී අක්‍රමිකතාවයක් ඇතිවී ඇතැයි මාධ්‍ය විසින් කර ති⁣බෙන චෝදනා වලට විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා පිළිතුරු දී තිබුණා. ඒ පිළිතුර කුමක් වුවත් එදා යහපාලන ආණ්ඩුව සමයේදී විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් මා නායකත්වය ගෙන ගොඩනැගූ පරිගණක පද්ධතිය දැන් විනාශය කරා ගොස් ති⁣බෙනවා.

එම නවීකරණ කටයුතු වලට පෙර එක් සහතික කිරීමක් සඳහා පැය 06 ක පමණ කාලයක් ගතවුණා. අප විසින් හඳුන්වා දුන් නවීකරණය නිසා විනාඩි 10 ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙවැනි සහතික කිරීමක් කළ හැකි තත්ත්වයට අප විසින් කන්සියුලර් අංශයේ කාර්යක්ෂමතාවය වැඩි කළා. මේ නිසාම, 2017 වසරේ රාජ්‍ය අංශයේ හොඳම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘතිය ලෙසින් සම්මානයට පාත්‍ර වුුණේ මෙම ව්‍යාපෘතියයි. එදා මෙම සහතික කිරීම් සඳහා පැවති දිගු පෝලිම් මෙම ව්‍යාපෘතිය නිසා නැතිවුණා. මේ පිළිබඳව එදා ඒ අත්දැකීම් විඳගත් අයට සාක්ෂි සැපයිය හැකියි. නමුත්, අවාසනාවකට ගෝඨාභය රාජපක්ෂ රජය විසින් මෙම ව්‍යාපෘතිය විනාශ කළා.

ඒ සඳහා දැක්වූ නොසැලකිල්ල හේතුවෙන් එහි පරිගණක පද්ධතිය නිසි ලෙස නඩත්තුවකට ලක්වුණේ නෑ. එපා වාහෙට හොදි බෙදන්නා වාගේ ඔහේ කරගෙන ගියා. මේ නිසා, යළිත් පෝලිම් යුගයක් ඇතිවුණා. ඒ තුළ මාධ්‍ය සහ ජනතාව නගන චෝදනාවල සත්‍යතාවයක් නැතැයි ප්‍රතික්ෂේප කළ නොහැකියි. ඒ පිළිබඳව මෙම සේවාවන් ලබාගන්නා ජනතාවට අදහස් දැක්විය හැකියි. විදේශ කටයුතු අමාත්‍යාංශය යනු මෙරට රාජ්‍ය අංශයේ වැදගත්ම ආයතනයක්.

එම ආයතනය නැවතත් යුග ගණනාවක් ආපස්සට තල්ලු කර තිබෙනවා. මා මේ සටහන තැබුවේ පසුගියදා මෙම කන්සියුලර් අංශයට එල්ලවූ ඒ අක්‍රමිකතා චෝදනාව ගැන ඇතිවූ කණස්සල්ල නිසයි. ඒ චෝදනාවට විදේශ අමාත්‍යංශය ලබාදුන් පිළිතුරද මෙම සටහනට අමුණා ති⁣බෙනවා. අමාත්‍යාංශය කුමන කතා කිව්වද කන්සියුලර් අංශය අපි ඔසවා තැබූ තැනින් වැටී ඇතිබව ප්‍රතික්ෂේප කළ නොහැකියි.

HarshadeSilva

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් සේවකයින් අදත් වැඩවර්ජනයේ

සටහන - රුවන් නෙළුගොල්ල තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප...

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...