චීන විදේශ නියෝජ්‍ය ඇමති සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක්!

Date:

චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය සුන් වෙයිඩොන්ග් ඇතුළු එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ දූත පිරිසක් චීන – ශ්‍රී ලංකා දෙරටේ 12 වැනි රාජ තාන්ත්‍රික උපදේශන වටයට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හමුවක් අද (30) සිදුවිය.

ද්විපාර්ශවීය වශයෙන් පවත්නා සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු කළ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට අවශ්‍ය කරන සහයෝගය ද ලබා දෙන ලෙසත්, නිෂ්පාදන කර්මාන්ත විප්ලවය ඉදිරි අදියරට රැගෙන යාම සඳහා වන සහයෝගය ලබාදෙන ලෙසත්, විපක්ෂ නායකතුමා එහිදී ඉල්ලා සිටියේය.

චීන ආර්ථික විප්ලවය පිළිබඳව ගත හැකි ආදර්ශ මෙන්ම කලාපීය සාමය සහ සංහිඳියාව පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් විය. කලාපීය සාමය සහ සංහිඳියාව මෙන්ම ස්ථාවරත්වය ශක්තිමත් කරන විදේශ සබඳතා ගොඩනගා ගැනීම පිළිබඳව ද එහිදී විපක්ෂ නායකතුමා සහ චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය තුමා අතර සාකච්ඡාව සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...