අවශ්‍ය නොවන අයට දී ඇති පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට ඇමති ටිරාන්ගෙන් උපදෙස්

Date:

ආරක්ෂාව අවශ්‍ය නොවන ඇතැම් පුද්ගලයින්ට සහ ස්ථානවලට ලබාදී පොලිස් ආරක්ෂාව ඉවත් කර, එම පොලිස් නිලධාරීන් වහාම පොලිස් ස්ථානවලට අනුයුක්ත කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ඒ ඒ පුද්ගලයින්ට ආරක්ෂාව අවශ්‍යද යන්න පිළිබඳව තක්සේරුවක් සිදුකර අදාළ පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ.

ආරක්ෂාව අවශ්‍ය නොවන පුද්ගලයින්ට සහ ස්ථානවලට ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ලබාදීම හේතුවෙන් පොලිස් ස්ථානවල රාජකාරි සඳහා නිලධාරීන්ගේ හිඟයක් පවතින බව මහජ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා අමාත්‍යවරයා මෙම උපදෙස් නිකුත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...