*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

මොන විදිහෙන් හරි ඒකාධිකාරී පාලනයකට ආණ්ඩුව යන්න හදන්නේ – ඉරාන්

කොළඹ LNW:අද දවස වන විට අත්අඩංගුවට ගැනීමේ අලුත් වාතාවරණයක් නිර්මාණය වී තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවේය.

ඒ, අද (31) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.

මර්දනය කිරීමට අවශ්‍ය වූ විට PTA හෝ ICCPR හරහා අත්අඩංගුවට ගැනීමට විරුද්ධ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වරදක් කර ඇත්නම් එය අධිකරණය විසින් තීරණය කරනු ඇති නමුත් දන උත්සහ කරමින් ඇත්තේ ඒකාධිපති පාලනයක් ගෙන යාමට බව වික්‍රමරත්න මහතා කියා සිටියේය.

”අපි දකිනවා අද අලුත් වාතාවරණයක් ඇතිවෙලා එක එක්කෙනා එක එක හේතු නිසා අත්අඩංගුවට ගන්නවා. ඒ ගන්නේ තියෙන නීතිය අනුව PTA එක භාවිතා කරනවා. ICCPR එක පාවිච්චි කරලා විකට නළු නටාෂා වත් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මාර වැඩක් විශේෂයෙන්ම මේකට සංවේදීයි කාන්තාවක් අරගෙන රිමාන්ඩ් එකේ දැම්මම. අපි දැනගෙන ඉන්න ඕන අපේ රටේ තියෙන තත්ත්වය. අපි කියන්නේ මෙහෙමයි අපි එක්කෙනෙක් වෙනුවෙන් වත් වරදක් කළා කියලා පෙනී හිටින්නේ නැහැ. ඒකට නඩු දාන්න ඕන. අපි ඉන්නේ එතනයි වරද කවුරු කරත් වරද. හැබැයි ඔය PTA එක පාවිච්චි කරලා අත්අඩංගුවට ගන්න එකට තමයි අපේ විරුද්ධ.

ඉතින් PTA එක අයින් කරලා ATA ගේන්න හැදුවා. තවත් තද කරන්න ඒකට විරෝධය තිබුණු නිසා පස්සෙ ගැහුවා දැන් ආචාර්ය හර්ෂ ද සිල්වා කිව්ව වගේ අලුත් එකක් ගේන්න හදනවා මාධ්‍ය පාලනයට. මේ මිනිස්සු මොනවද මේ හදන්න එකේ ක්‍රම විධි වලින් කොහොමහරි පාලනය කර ඒකාධිකාරියක් ඇති කරගෙන යන්න හදන්නේ. අපි දැන් අත්අඩංගුවට ගන්න අයගේ අයිතිය ගැන කතා කරන්නේ කරපු දේ වැරදි වෙන්න පුළුවන්. ඒක තීරණය කරපු දෙන් අධිකරණය.

නමුත් අයිතිය ගැන මාධ්‍ය අර පනත ආවට පස්සේ ඔගොල්ලන් ගන්න බැරිවුනොත් PTA හරහා අනිවාර්යෙන් මේක හරහා ගන්නවා. අපි පෙනී හිටින්නේ ඕගොල්ලො කරන වරදට නෙමෙයි. වරද අධිකරණයේ තීරණය කරන්න පුළුවන්. නමුත් ඔබ තුමන්ලාගේ අයිතිය වෙනුවෙන් තමයි අපි පෙනී හිටින්නේ ඒ අයිතිය නැති කරන්න බැහැ කාගෙවත්. ප්‍රජාතන්ත්‍රවාදී මානව අයිතියක් ආගමික සංහිඳියාව ජාති සංහිඳියාව තියෙන්න ඕන. මේ වෙලාවේ ඒකට ඔළුව උස්සන්න දෙන්නේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා. හිතන්න එපා රටේ මිනිස්සු මෝඩයි කියලා. එක එක ප්‍රශ්න ඇති කරගෙන යනවා.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan