බෲනෝ දිවාකර සහ නතාෂා එදිරිසූරිය නිදහස් කිරීම සඳහා සහය පතා ක්ෂමා සංවිධානයට ලිපියක්

Date:

කොළඹ (LNW): බුද්ධාගමට අපහාස වන අන්දමේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින සජීවී ප්‍රහසන ශිල්පිනී (stand-up comedian) නතාෂා එදිරිසූරිය සහ ඇගේ අත්අඩංගුවට ගැනීමට අදාළව පසුව අත්අඩංගුවට ගත් ‘SL-Vlog’ යූ ටියුබ් නාලිකා හිමිකරු බෲනෝ දිවාකර නිදහස් කර ගැනීම සඳහා සහාය ඉල්ලා මානව හිමිකම් ආරක්‍ෂක වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය විසින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට (Amnesty International) ලිපියක් යොමුකර තිබේ.

ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (ICCPR) යටතේ සාවද්‍ය චෝදනා මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇප නොමැතිව සිරභාරයේ තබා ඇති බව පෙන්වා දෙන ඒ මහත්මිය, මෙරට පුරවැසියන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව දරන ප්‍රයද්නය පිළිබඳ ජාත්‍යන්තර සංසදවලට අනතුරු ඇඟවීමට සිය ලිපියෙන් කටයුතු යොදා ඇත.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ, මාධ්‍යවේදීන්, මාධ්‍ය වෘත්තිකයන්, මානව හිමිකම් ආරක්ෂකයන් සහ අනෙකුත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීම වැළැක්වීම හෝ අධෛර්යමත් කරවීම පෙරදැරි කොටගෙන ඔවුනට එරෙහිව නඩු පැවරීමෙන් සහ සිරගත කිරීමෙන් වැළකිය යුතු බව,” සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ (ICCPR) කමිටුව විසින් 2023 අප්‍රේල් 26 දින ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ සයවන කාලාන්තර වාර්තාවේ, අවසාන නිරීක්ෂණවල 41 (ඇ) වගන්තියේ සඳහන්ව ඇති බව වෛද්‍ය වික්‍රමනායක මහත්මිය සිහිපත් කළාය.

අතිශයින් බිඳෙනසුළු ආර්ථික අර්බුදයක් මධ්‍යයේ බලය පවත්වා ගැනීමට තර්ජනයක් සේ වත්මන් පාලන තන්ත්‍රය විසින් සලකනු ලබන ඕනෑම දේශපාලන හා සමාජ ව්‍යාපාරයක් මර්දනය කිරීමේ වෑයමක් නිරීක්ෂණය කළ හැකි අතර, ආගමික සහ වාර්ගික අසමගිය ඇති කරමින් ජාතික ආරක්‍ෂක න්‍යාය පත්‍රය යළි හිස එසවීම වත්මන් ආණ්ඩුවේ අභිප්‍රාය බවට පැහැදිලි වන බවත්, භීතිය ඇති කිරීමට වඩාත්ම ඵලදායී මාර්ගය වන්නේ ස්වාධීන මාධ්‍ය සහ වාචිකව විවෘත පුද්ගලයන් නිහඬ කිරීම බවත් ඒ මහත්මිය සිය ලිපිය හරහා අවධාරණය කළාය.

සම්පූර්ණ ලිපිය:

                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...