ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් ජාතියට තිළිණ කෙරේ

Date:

අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල 2023 මැයි 28 වන දින ජාතියට තිළිණ කළේය. මෙම අවස්ථාවේ දී සහෘද පුරවැසියන්ට සුභාශිංසන එක් කරමින් එතුමා පැවසූයේ මැයි 28 වන දින ඉතිහාසයේ අමරණීය සටහනක් තබන බවයි. ඉන්දියාවේ ජනතාව “අම්රිත් මහෝත්සව්” වෙනුවෙන් ඔවුන් වෙත තිළිණයක් ලබා දී ඇතැයි එතුමා පැවසීය.

2.         තාක්ෂණික පහසුකම් සහ ආසන පහසුකම් සීමිත වීම හේතුවෙන් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ වැඩ කටයුතු කර ගැනීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන් බැවින් මෙම නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කාලීන අවශ්‍යතාවයක් වේ. ලෝක් සභාවේ අභ්‍යන්තරය ජාතික පක්ෂියා වන මොණරා තේමාව අනුව ද රාජ්‍ය සභාවේ අභ්‍යන්තරය ජාතික පුෂ්පය වන නෙළුම් මල තේමාව අනුව ද නිම වී ඇති නව ගොඩනැගිල්ල පුරාණත්වයේ සහ නවීනත්වයේ සංකලනයකි. පාර්ලිමේන්තු සංකීර්ණයේ ජාතික වෘක්ෂය වන නුග ගස ද ඇත. අග්‍රාමාත්‍යතුමා පැවසූ පරිදි මෙම ගොඩනැගිල්ල විරාසත් (උරුමය), වාස්තු (ගෘහ නිර්මාණ ශිල්පය), කලා (කලාව), කෞශල් (කෞශල්‍යය), සංස්ක්‍රිති (සංස්කෘතිය) මෙන්ම සම්විධාන් (ව්‍යවස්ථාවේ) යනාදියෙන් සමන්විත වේ. රටෙහි විවිධ ප්‍රදේශවල සුවිශේෂිතා එක් කොට ඉදිකරන ලද මෙම නව ගොඩනැගිල්ල “ඒක් භාරත් ශ්‍රේෂ්ඨ භාරත්” යන සංකල්පය පිළිඹිබු කරයි. නිදසුනක් ලෙස මේ සඳහා රාජස්ථානයේ ග්‍රැනයිට් ද, මහාරාෂ්ට්‍රයේ දැව ද භදෝහි හි අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ බුමුතුරුණු ද නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සඳහා භාවිතා කර ඇත.

3.         විවෘත කිරීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමා මෙය ගොඩනැගිල්ලක් පමණක් නොවන බවත් එය බිලියන 1.4ක් වන ඉන්දියානුවන්ගේ අභිලාෂයන් සහ සිහිනවල පිළිඹිබුවක් බවත් ප්‍රකාශ කළේය. “මෙය ඉන්දියාවේ අධිෂ්ඨානයේ පණිවුඩය ලොවට දෙන අපගේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොලක්” යැයි එතුමා පැවසීය. “මෙම නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සැලසුමට යාථාර්ථය ද, ප්‍රතිපත්තියට සාක්ෂාත් කරගැනීම ද අප්‍රතිහත ධෛර්යයට ක්‍රියාවට නැංවීමට ද අධිෂ්ඨානයට ජයග්‍රහණය ද එකට එක් කරයි.”

4.         නව මොඩලයන් ස්ථාපනය කළ හැක්කේ නව මාවත් නිර්මාණය කිරීමෙන් පමණක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමා නව ඉන්දියාව නව අරමුණු සාක්ෂාත් කර ගනිමින් නව මාර්ග නිර්මාණය කරන බව සඳහන් කළේය. “නව බලයක්, නව ජවයක්, නව උද්යෝගයක්, නව චින්තනයක් සහ නව ගමනක් පවතී. නව දැක්මන්, නව දිශානතීන්, නව අධිෂ්ඨානයන් සහ නව විශ්වාසයක් පවතී” යනුවෙන් එතුමා ප්‍රකාශ කළේය. ලෝකය ඉන්දියාවේ අධිෂ්ඨානය, එහි පුරවැසියන්ගේ ශක්තිය සහ ඉන්දියාවේ මානව සම්පතේ ශක්තිය දෙස ගෞරවයෙන් සහ අපේක්ෂාවෙන් බලා සිටි බව එතුමා සඳහන් කළේය. ඉන්දියාව පෙරට යන විට ලෝකය ද පෙරට යන බව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ප්‍රකාශ කළේය.

Glimpses of the new Parliament Building, in New Delhi

5.         පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල වන බැවින් මෙම අවස්ථාවේ දී අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ මව ද වන බවයි. ප්‍රජාතන්ත්‍රවාදය ඉන්දියාවේ භාවිතා කෙරෙන පද්ධතියක් පමණක් ම නොවන බව ද එය සංස්කෘතියක්, සිතුවිල්ලක් සහ සාම්ප්‍රදායක් වන බව ද පැවසීය. වහල්භාවයේ වසර ගණනාවකට පසුව ඉන්දියාව සිය ගමන නැවතත් ඇරඹූ බව ද මේ වන විට අම්රිත් කාල් එනම් ඉන්දියාවේ නිදහසේ 100වන වසර සඳහා වන වසර 25 වෙත ළඟා වී ඇති බව ද සඳහන් කළේය. “අම්රිත් කාල් යනු අපගේ උරුමය ආරක්ෂා කර ගනිමින් සංවර්ධනයේ නව මානයන් නිර්මාණය කරන කාලය කි. මෙය ජාතියට නව දිශානතියක් ලබා දෙන අම්රිත් කාලය යි.”

Glimpses of the new Parliament Building, in New Delhi

6.         නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සාර්ථකත්වය පිළිබඳ ජාතියේ විශ්වාසය ශක්තිමත් කරනු ඇති බව ද වික්සිත් භාරත් උදෙසා සියලුදෙනා යුහුසුළු කරනු ඇති බව ද අග්‍රාමාත්‍යතුමා පැවසීය. “අප ජාතිය ප්‍රථමයෙන් යන්න සිත් හි දරා ඉදිරියට යා යුතු ය. අප වගකීමේ මාර්ගය අන් සියල්ලට ම ඉහළින් තබා ගත යුතු ය. අප නිරන්තරයෙන් ම අපව වැඩි දියුණු කර ගනිමින් අපගේ හැසිරීමෙන් ආදර්ශයක් ලබා දිය යුතු ය. අපගේ මාර්ගය අප විසින් ම නිර්මාණය කර ගත යුතුය” යනුවෙන් එතුමා සඳහන් කළේ ය.

Gathering at the inauguration ceremony of the new Parliament House, in New Delhi on May 28, 2023. PM addressing on the occasion.

7.         පාර්ලිමේන්තුවේ වැදගත්කම අවධාරණය කරමින් අග්‍රාමාත්‍යතුමා පැවසූයේ පාර්ලිමේන්තුව පාරිශුද්ධත්වයට පත් කරන්නේ බිලියන 1.4ක් වන ඉන්දියානුවන්ගේ අධිෂ්ඨානය බව යි. පාර්ලිමේන්තුවේ ගනු ලබන සෑම තීරණයක් ම ඉදිරි ශතවර්ෂ සුන්දර කරනු ඇති බව ද ඉදිරි පරම්පරා සවිබල ගන්වනු ඇති බව ද අපේක්ෂා කරන බව මෝදි මැතිතුමා පැවසීය. අග්‍රාමාත්‍යතුමා දුගී, දාලිත්, පසුගාමී, ගෝත්‍රික, ආබාධිත සහ සමාජයේ සියලු අඩු වරප්‍රසාද ලත් පවුලක් ම සවිබල ගැන්වීම ඔවුන්ගේ සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දීම සමඟින් මෙම පාර්ලිමේන්තුව හරහා සම්මත වනු ඇතැයි ප්‍රකාශ කළේය. මෙම පාර්ලිමේන්තුව නව, සෞභාග්‍යමත්, ශක්තිමත් සහ සංවර්ධිත ඉන්දියාවක් බිහි කිරීමේ පදනම බවට පත් වනු ඇත.

8.         ලෝක් සභාවේ කතානායක ශ්‍රී ඕම් බිර්ලා සහ රාජ්‍ය සභාවේ නියෝජ්‍ය කතානායක ශ්‍රී හරිවංශ් නාරායන් සිං මහතා ද මෙම උත්සවය සඳහා සහභාගී වූ පිරිස අතර වූහ.  

***

කොළඹ

2023 ජූනි 1

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...