පළාත් සභා මුලින් එයි, ඊට සූදානම් වන්න – බැසිල් පොහොට්ටුවට කියයි

Date:

පවතින තත්වය අනුව බොහෝවිට පළාත් සභා මැතිවරණය මුලින්ම පැවැත්වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පක්ෂයට දැනුම් දී තිබේ.

පසුගිය 09 වනදා නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රී සංසද රැස්වීමේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුලි මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමටත් එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමුවීමටත් නියමිතව ඇති හෙයින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එම සංචාරය තුළදී තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ.

එහෙයින් වහාම පළාත් සභා මැතිවරණයක් සඳහා සූදානම් වන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවේ හිටපු පළාත් සභා නියෝජිතයින්ට දැනුම් දී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...