පොහොර බෙදාහැරීම අද සිට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොහොර මෙට්‍රික් ටොන් 22,500ක යූරියා පොහොර රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිනයේ ඕමානයේ සිට මෙරටට පැමිණි අතර , ඒ මඟින්  ආනයන කරන ලද යුරියා පොහොර තොගය  බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බවයි  කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ .

ඒ අනුව , අද දිනයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහරින බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව යූරියා පොහොර මිටියක් රුපියල් 5,000ට වඩා අඩුවෙන් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා සඳහන් කළ අතර , මේ දිනවල පුද්ගලික අංශය මගින් යූරියා පොහොර මිටියක මිල ඉහළ දමා තිබුණද රජයක් ලෙස එහි මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා  සඳහන් කළේ.

මේ අතර ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ගැටලුවකින් තොරව ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් , පසුගිය කාලයේ ඉතා ඉහළ මිල ගණන් යටතේ පොහොර මිටියක් අලෙවි කෙරුණු අතර රජය විසින් මේ වන විට සහනදායී මිලක් යටතේ පොහොර ලබා දීමට පියවර ගෙන ඇති බවයි  කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...