පොහොර බෙදාහැරීම අද සිට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොහොර මෙට්‍රික් ටොන් 22,500ක යූරියා පොහොර රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිනයේ ඕමානයේ සිට මෙරටට පැමිණි අතර , ඒ මඟින්  ආනයන කරන ලද යුරියා පොහොර තොගය  බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බවයි  කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ .

ඒ අනුව , අද දිනයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහරින බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව යූරියා පොහොර මිටියක් රුපියල් 5,000ට වඩා අඩුවෙන් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා සඳහන් කළ අතර , මේ දිනවල පුද්ගලික අංශය මගින් යූරියා පොහොර මිටියක මිල ඉහළ දමා තිබුණද රජයක් ලෙස එහි මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා  සඳහන් කළේ.

මේ අතර ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ගැටලුවකින් තොරව ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් , පසුගිය කාලයේ ඉතා ඉහළ මිල ගණන් යටතේ පොහොර මිටියක් අලෙවි කෙරුණු අතර රජය විසින් මේ වන විට සහනදායී මිලක් යටතේ පොහොර ලබා දීමට පියවර ගෙන ඇති බවයි  කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...