විදේශ ප්‍රේෂණවල වැඩිවීමක්!

Date:

කොළඹ LNW:විදේශ ප්‍රේෂණ තවදුරටත් ඉහළ යමින් ගෙවුණු මැයි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 479.7ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ලැබී ඇති බව මහ බැංකුව පවසයි.

පසුගිය වසරේ මැයි මාසය හා සැසඳීමේ දී එය ඩොලර් මිලියන 175ක වැඩිවීමක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

මේ වසරේ ගතවූ මාස පහක කාලසීමාව තුළ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 2,346.9ක ආදායමක් ලැබී ඇති අතර පසුගිය වසරේ මුල් මාස පහ තුළ ලැබුණු ඩොලර් මිලියන 1,335.6ක ආදායමට සාපේක්ෂව එය 75.7%ක වර්ධනයක් ලෙසයි දැක්වෙන්නේ.

එමෙන්ම තාවකාලික දත්ත මත පදනම්ව වසරේ වාර්තා වූ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු පිටවීම් 311056ට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා 95,892 ක් විදේශ රැකියා සඳහා පිටවීම් වාර්තා වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...