ජූලි 30ට පෙර ජනවාර්ගික ගැටලුවට විසඳුමක් දෙන්න – TNA ජනාධිපතිගෙන් ඉල්ලලා

Date:

කොළඹ LNW:ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් ජූලි 30 වැනිදාට පෙර අවසන් විසදුමක් ලබා නොදුන්නොත් යළිත් ආණ්ඩුව හා සාකච්ඡාවලට සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ පාර්ශවය සමඟ පසුගිය 08 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දි ඔවුන් මේ බව අවධාරණය කර ඇත.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබද විසදුම් ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවත් එම පොරොන්දු ඒ අයුරින් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් මෙරට ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් විසදුමක් ලබාගැනීමේ ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලීමට සිදුවනු ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ.

දෙමළ ජාතික සන්ධානය ලෙස මෙම ප්‍රශ්න පිළිබඳව ගෙවුණු වසරක කාලයක් සිට වත්මන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වමින් සිටින නමුත් ඔවුන් ඉල්ලා සිටි මුලික ඉල්ලීම්වලට හෝ මෙතෙක් විසදුම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් ව ඇති බවයි එම සන්ධානය පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...