අනුරාධපුර ශික්ෂණ රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රය, මාස 6ක් තිස්සේ ක්‍රියා විරහිතයි.

Date:

අනුරාධපුර ශික්ෂණ රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රය පසුගිය ජනවාරි පස්වැනිදා සිට ක්‍රියා විරහිත වූ අතර ඒ හේතුවෙන් අනුරාධපුර ප්‍රදේශයේ රෝගීන් දැඩි අපහසුතාවයකට ලක් වී ඇත.

පෞද්ගලික අංශයෙන් MRI පරීක්ෂණයක් සිදු කිරීම සඳහා රුපියල් විසිපන් දහසේ සිට 75000 මුදලක් වැය කිරීමට සිදුවේ.

යන්ත්‍රය බිඳ වැටෙන විට පොරොත්තු ලේඛනය 2024 මැයි මාසය දක්වා දිගු වූ අතර ඉන්පසුව රෝගීන්ට පරීක්ශණ සදහා දින ලබා දීම නවතාදමන ලදී.

නිසි පරිදි ගිවිසුම් ගත වී තිබෙන නිසා මෙම නඩත්තු කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීම සහ ප්‍රමාද ගාස්තු අය කිරීම සිදුවිය යුතු නමුත්, ඊට අදාල බලධාරීන් රෝගීන් පෞද්ගලික අංශයට යොමු කරමින්, එයින් පෞද්ගලික වාසි ලබමින් සිටී.

MRI ස්කෑන් පරීක්ෂණ මගින් ස්නායු පද්ධතියේ තිබෙන රෝග හඳුනාගැනීම, රෝගී තත්ත්ව හඳුනාගැනීම, කොඳු ඇට පෙළ ආශ්‍රිතව ස්නායු පද්ධතියේ රෝග හඳුනාගැනීම, පිලිකා රෝගී තත්ත්ව හඳුනා ගැනීම, අග්න්‍යාශය ආශ්‍රිත රෝග හදුනාගැනීම, හෘදයට රුධිරය සැපයුම එහි තිබෙන බාධා හඳුනාගැනීම, සන්ධි ආශ්‍රිතව මාංශ පේශි වල ඇතිවන රෝග තත්ත්ව හඳුනා ගැනීම වැනි සුවිශේෂී කාර්යයක් ඉටු කරනු ලැබේ.

මෙම පරීක්ෂණ බිඳවැටීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්වන අතර ස්නායු සැත්කම් ප්‍රමාද වීම සහ රෝගී තත්ත්වයන් උත්සන්න වීම බරපතළ තත්ත්වයකි.

දැනට රජයේ රෝහල් සතුව MRI ස්කෑන් යන්ත්‍ර 13ක් තිබෙන අතර පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල් තිබෙන යන්ත්‍රය දැනට අවුරුදු 2ට පෙර බිඳවැටීම සිදුවිය. නට ක්‍රියාත්මක වන්නේ යන්ත්‍ර 11 ක් පමණි.

අනුරාධපුර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල යන රෝහල් වල MRI ස්කෑන් පරීක්ෂණ සඳහා දිගු පොරොත්තු ලේඛන තිබෙන අතර එය වසරක පමණ කාලයක් දක්වා දිගු වන අවස්ථාද දැකිය හැක. මෙම යන්ත්‍ර බොහෝ විට ක්‍රියාත්මක වන්නේ දිවා කාලයේ පමණක් වන අතර මෙම රෝගීන් ගේ පොරොත්තු ලේඛනය අවම කිරීම සඳහා යන්ත්‍රයෙන් පරීක්ෂණ සිදුකරන අප සංගමයේ මතයයි. ඒ වෙනුවෙන් අපේ නිලධාරීන් යෙදවීමට අප සූදානම් අතර රෝහල් පරිපාලනයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වන තුරුත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු වී නොමැත.

〽️රකුස්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...