ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි (86) අභාවප්‍රාප්ත වෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි (86) අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ඔහු මිලාන්හි සැන් රෆේල් රෝහලේදී මිය ගිය බව ඉතාලි මාධ්‍ය පවසයි. අප්‍රේල් මාසයේදී, බර්ලුස්කෝනි කලින් හෙළි නොකළ නිදන්ගත ලියුකේමියාවට සම්බන්ධ පෙනහළු ආසාදනයකට ලක්ව ප්‍රතිකාර ලබාගෙන ද ඇත.

ප්‍රකෝටිපති මාධ්‍ය අධිපතියෙකු වන බර්ලුස්කෝනි ප්‍රථම වරට 1994 දී බලයට පත් වූ අතර 2011 දක්වා ආණ්ඩු හතරක් මෙහෙයවීය. ඔහු ඉතාලියේ ඉහල මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවට තේරී පත් වී,  අගමැති ජෝර්ජියා මෙලෝනි යටතේ සභාගයට ගිය මධ්‍ය දක්ෂිණාංශික Forza Italia පක්ෂයට නායකත්වය දුන්නේය.

මෙම බර්ලුස්කෝනි අභාවයට පත්වූයේ යැයි කියන පුවතට ප්‍රතිචාර දක්වමින් ඉතාලියේ ආරක්ෂක අමාත්‍ය Guido Crosetto පැවසුවේ බර්ලුස්කෝනිගේ මරණය “විශාල හිස්කමක්” ඇති කළ බවයි.

යුගයක් අවසන්… සමුගැනීමේ සිල්වියෝ,” ක්‍රොසෙටෝ මහතා ට්විටර් පණිවුඩයක් ලිවීය, ඔහු බර්ලුස්කෝනිට “බොහෝ” ආදරය කරන බව පැවසීය. මෙම උණුසුම් පුවත පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි දින කීපය තුළ  ප්‍රකාශයට පත් කෙරනු ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...