*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

දේශීය ව්‍යවසායකයන්ට මහඟු අවස්ථාවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තීන්ත හා ටයිල් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන සමාගම්හි විධායක නිළධාරීන් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත කර්මාන්තයන් නැවත යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී අද (12) පැවති සාකච්ඡාවකදී වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ , භාණ්ඩ 7000කට වැඩි ප්‍රමාණයක් කිසිදු බද්දක් රහිතව එක්සත් රාජධානිය වෙත අපනයනය කිරීමට දේශීය ව්‍යවසායකයන්ට අවස්ථාව හිමි වන බවයි.

ඒ එක්සත් රාජධානියේ නව ජීඑස්පී වෙළෙඳ යෝජනා ක්‍රමය (New UK GSP Scheme) “Developing Countries Trading Scheme (DCTS)” හරහා බව‍යි අමාත්‍යවරයා පවසන්නේ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආනයනික භාණ්ඩ මිල ගණන් ඩොලරයේ වෙනස්වීමට සාපේක්ෂව සැළකිය යුතු අන්දමින් පහළ ගියද දේශීය නිෂ්පාදන කර්මාන්තයන්හි මිල ගණන් අඩු නොවීම ගැටලුවක් බවයි.

තවද , නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ රජය මගින් දේශීය නිෂ්පාදකයින් දිරිමත් කිරීම වෙනුවෙන් ආනයනයන් සීමා කළද, ඉන් අයුතු ප්‍රයෝජන ගෙන අනවශ්‍ය ලෙස විශාල ලාභ ලබා ගැනීමට හෝ පසුගිය අර්බුද සමයේ ලැබූ අලාභ පාරිභෝගිකයා අපහසුතාවයට පත් කරමින් යළි පියවා ගැනීමට උත්සහ නොදැරිය යුතු බවයි .

ඉදිරි වසර 5ක කාළය තුළ රජය මහා පරිමාණයේ ඉදිකිරීම් ආශ්‍රිත ව්‍යාපෘති දියත් නොකරන බව එහිදී ප්‍රකාශ කර ඇති අමාත්‍යවරයා පවතින ආර්ථික තත්ත්වය යටතේ නිසි ප්‍රයෝජනයක් නොමැති එවැනි ව්‍යාපෘති කිහිපයක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත නවතා දැමූ බවයි පෙන්වා දී ඇති අතර  සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ, අඩු පිරිවැය සහිත අමුද්‍රව්‍ය තුළින් සිදු කරන ඉදිකිරීම් ඉහළ දැමීමට ඉදිකිරීම් ක්ෂේත්‍රය යොමු විය යුතු බවද වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan