අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාට සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට පහරදී ඝාතනය කිරීම පිළිබඳ නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ.

මෙසේ පත්කර ඇත්තේ සහන් යාපා බණ්ඩාර, රෂ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලකි.

නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ඝාතනයට ලක්වූයේ පසුගිය මැයි 09 වනදා නිට්ටඹුව නගර මධ්‍යයේදී ය.

මේ සම්බන්ධයෙන් විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති අතර නඩුව ලබන 19 වනදා කැඳවීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...