ISIS නායකයා සිරියාවේදී මරා දැමෙයි, බයිඩන් සජීවී ව මෙහෙයුම නරඹයි

ISIS නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂ්මි අල්-කියුරාෂි මෙයට පැය කිහිපයකට පෙර ඇමරිකානු හමුදා ප්‍රහාරයකින් සිරියාවේදී ජීවිතක්ෂයට පත් විය.මෙහෙයුම සිදු කරනු ලැබුවේ ඇමරිකානු කොමාන්ඩෝ භටයන් විසිනි. ‘ඩෙල්ටා ෆෝස් ඔපරේටර්ස්’ යන කණ්ඩායමට ඔවුන් අයත් ය.

ඔහුගේ බිරිඳ සහ දරුවන් ද මෙම ප්‍රහාරයෙන් මරණයට පත් ව තිබේ.

ඔවුන් සිටි මහල් නිවාසයේ සිටි සෙසු සිවිල් ජනතාව හැකි ආකාරයෙන් ඉවතට ගැනීමෙන් පසුව විශාල පිපුරුමක් සමග අබු ඉබ්‍රාහිම් අල් හෂිමි සහ ඔහුගේ පවුලේ අයගේ සිරුරු, අවට භූමියට විසි වී ගිය බව සඳහන් කරන්නේ සීඑන්එන් වාර්තාවකි.

අබු ඉබ්‍රාහිම් අල් හෂිමි

එදා 2011 මැයි 2 වැනිදා ඇමරිකානු නේවි සීල් භටයන් පාකිස්ථානයේදී බින් ලාඩන් මරා දමන විට ධවල මන්දිරයේ සිට බරාක් ඔබාමා එය සජීවී ව නැරඹූ අන්දමටම මෙවර ජනපති ජෝ බයිඩන් ද ධවල මන්දිරයේ සිට මෙම සම්පූර්ණ මෙහෙයුම ම සජීවී ව නරඹා තිබේ.

ඇමරිකාවෙන් මෙහෙයුමට සහභාගි වූ කිසිවෙකුට කිසිදු හානියක් සිදු නොවී, ‘තීරණාත්මක ත්‍රස්තවාදී නායකයෙක්’ සාර්ථක මෙහෙයුමකින් ඉවත් කර දැමූ බව පෙන්ටන් පරිපාලනය පසුව සඳහන් කළේය.

මෙය මාස ගණනාවක් තිස්සේ ඔවුන් විසින් සැලසුම් කළ ‌මෙහෙයුමක් බව සඳහන් ය.

බයිඩන්ගේ මෙතෙක් ධුර කාලය තුළ අවසන් කළ වැදගත්ම ත්‍රස්තවාදී ඉලක්කය ලෙස අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි සැලකේ.

AMALU JAYAWEERA OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...