සබරගමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා – නවීන් (VIDEO)

Date:

නව ආණ්ඩුකාරවරයා වශයෙන් තම හැකියාවන් භාවිතා කර සබරගමු පළාතට විශාල සේවයක් ඉටුකිරීමට බලාපොරොත්තු වන බව නවීන් දිසානායක මහතා පවසයි.

“මම මේක භාරගැනීමට ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මම කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරලා අවුරුදු 10, දැන් ඇයි මම පළාතකට යන්නේ ? ඒකට ප්‍රධාන හේතුව, පළාත් සභාවක් නැති තැන ආණ්ඩුකාරවරයාට තමයි ඔක්කොම බලතල තියෙන්නෙ. ඉතින් මම ඒ බලතල පාවිච්චි කරලා සබරගමු පළාතට විශාල සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි එක තමයි අපි ජනාධිපතිතුමාගෙන්ම ඉගෙන ගත්ත දෙයක් තමයි අභියෝගවලට මුහුණ දෙන එක. විශේෂයෙන් මූල්‍ය අර්බුදයක් තියෙන අවස්ථාවක, රජයේ වියදම් කපා හරින අවස්ථාවක මම මෙතනට ගිහිල්ලා මම බලාපොරොත්තු වෙනවා මගේ හැකියාවෙන් විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන් මුදල් ලබාගෙන සබරගමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල සේවයක් කරන්න. මට ඒක කරන්න පුළුවන් නම් මාස 18ක් වගේ කාලයක් තුළ මම ලබන ජයග්‍රහණයක්. මම හැමවෙලේම සුබවාදීව බලන පුද්ගලයෙක්. රට දවසින් දවස හොඳ අතට හැරෙනවා. අඩුපාඩු ගොඩක් තියෙනවා. අපි ඒවා එකින් එක හදාගන්න ඕනේ. මේක දෛවෝපගත සිද්ධියක්. මගේ පියා තමා පළාත් සභා හඳුන්වා දුන්නේ. එයාගේ පුතා විදියට මම ආණ්ඩුකාරයෙක් වීම දෛවෝපගත සිදුවීමක්. මම බලාපොරොත්තු වෙනවා උපරිම වශයෙන් සබරගමු ජනතාවට සේවය කරන්න”

නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ඊයේ (13) දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...