මේ රටේ දේශපාලනය කොච්චර කැතද ? – අනුර (VIDEO)

Date:

ආණ්ඩුව යළිත් ජාතිවාදී, ආගම්වාදී ගැටුමකට අර අඳිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපේ රට නැති කරා. අපට ගෑස් නැති කරා, අපට තෙල් ටික නැති කරා, අපට ණය ගෙවාගන්න බැරි තත්වයක් ඇති කරා, අපට දරාගන්න බැරි බදු ගැහුවා, අපේ කුඹුරු පාළු වුණා. ඒ නිසා සිංහල, දෙමළ, මුස්ලිම් කිසිදු භේදයකින් තොරව පහළ මිනිස්සු එකතු වුණා උඩට එරෙහිව. එහෙම නේද වුණේ පහුගිය කාලෙ ? ඒක තමයි ඒගොල්ලො කවදාවත් අපේක්ෂා නොකරපු දේශපාලනය. ඒ නිසා යළි මොකද කරමින් තිබෙන්නෙ ? යළි ජාතිවාදී ගැටුමකට, ආගම්වාදී ගැටුමකට ආණ්ඩුව අර අඳිනවා. ඒ සඳහා පරණ නාලිකාවල් කසකාරයො හැටියට ගමන් කරමින් සිටින බව අපට පේනවා. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට අපි දැක්කා ඉස්ලාම් අන්තවාදීන් සහ බෞද්ධ අන්තවාදීන් අතර ගැටුමක් එළියෙ. හැබැයි බෝම්බෙන් අවුරුදු දෙකක් ගිහිල්ලා අපට හෙළිදරව් වෙනවා දෙපැත්තටම එකම එකවුන්ට් එකෙන් පඩි දීලා කියලා. අදත් එහෙම නෙවෙයි කියලා තියෙන සහතිකය මොකක්ද ?”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ජාජබ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...