වැස්ස පරදා ඉන්දියාව දිනයි

Date:

මතු අනාගත බලාපොරොත්තු සහිත ආසියාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති ක්‍රිකට් තරගාවලියේ අපූරු තරගකාරීත්වය හොංකොං වෙක ඇද හැළුණු වර්ෂාව නිසා අහිමිව ගියත්,අවසාන තරගයට එය බාධාවක් නොවිණි.ඒ අනුව අවසාන තරගයේ ජයග්‍රහණය ලකුණු 31කින් හිමි කර ගන්නට ඉන්දියානු ඒ කණ්ඩායමට හැකි විය.පළමුව කාසියේ වාසියත් සමඟ පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 7 ට ලකුණු 127 ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉණිමට පිවිසි බංගලාදේශ ඒ කණ්ඩායම පන්දුවාර 19ත2 දී සියල්ල දැවී ලබා ගත්තේ ලකුණු 97 ක් පමණි.

ඉන්දීය ඉණිම පෝෂණය කරන්නට වින්දා දිනේෂ් ලකුණු 36 න් දායක වූ අතර එය පන්දු 29 න් වාර්තා විය.කණිකා අහුජා පන්දු 13 ක් තුළ ලකුණු 30 ක් ලබා ගත්තාය.ඔවුහු ඉන්දීය ඉණිමේ වැඩිම ලකුණුලාභිණියෝ වූහ.නහිදා අක්තාර් බංගලාදේශ කණ්ඩායමේ පන්දු යැවීමේ බල ඇණිය තුළ වැඩිම බලපෑම එල්ක කළ පන්දු යවන්නිය වූවාය.ඇය සිය පන්දු වාර 4,කඩුලු 2 ක් ද ලබා ගනිමින් ලකුණු 13 ට සීමා කළාය.

පිළිතුරු ඉණිමට පිවිසි ඉන්දීය ඉණිමට හරස්ව ආරම්භයේම නැඟි සිටියේ මන්නාත් කාශ්‍ය්‍යප්යතඇය කඩුලු 3 ක් ආරම්භක පන්දු යවන්නිය ලෙස ඉන්දියාවට ලබා දුන්නේ ලකුණු 20 ක් පමණ ලබා දී ය.නමුත් වඩාත් බලපෑම එල්ක කළේ ශ්‍රේයන්කා පටෙල් යතඇය ලකුණු 13 ට කඩුලු 4 ක් දවා ගත්තාය.පන්දුවෙන් ඉන්දියාවට බලපෑම එල්ල කළ නහිදා අක්තාර් බංගලාදේශයේ පිතිකාරිනියන් අතර ද කැපී පෙණුනම ක්‍රීඩිකාව වූවාය.ඇය ලකුණු 17 ක් ගෙන බංගලාදේශ ඉණිමේ වැඩිම ලකුණුලාභිණිය වෙමින් නොදැවී උන්නාය.

පහතින් ඇත්තේ ලකුණු විස්තරය ය.
https://asiancricket.org/match-centre/?cId=112&mId=1062

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...