මේ සැරසෙන්නේ බරපතළ මාධ්‍ය දඩයමකටද ? – විකාශන අධිකාරි පනත ගැන සජිත් ප්‍රශ්න කරයි (VIDEO)

විද්‍යුත් විකාශන ආයතන නියාමනය සම්බන්ධයෙන් යම් නිශ්චිත නීතියක් පැවතිය යුතුය යන්න සැවොම පිළිගනු ලබන කරුණක් වුවද ඒ සඳහා රජයේ මැදිහත් වීම සිදුවිය යුත්තේ සීමාකාරී තත්ත්වයන් යටතේ බවත් නියාමනයක නාමයෙන් ආණ්ඩුව විවේචනය කරනු ලබන මාධ්‍ය මර්දනය කිරීම සිදු නොවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

“රටක ජනමාධ්‍ය යනු ජනතා ප්‍රජාතන්ත්‍රවාදයේ හතරවන කුළුණයි. එසේම, පාලකයා සහ ජනතාව අතර තීරක බලය ද වන්නේ ජනමාධ්‍යයි. එබැවින්, රටේ යහපැවැත්ම වෙනුවෙන් ජනමාධ්‍ය මගින් ඉටු කරන්නේ ඉතා සුවිශේෂී කාර්යභාරයකි.

සියලු ජනමාධ්‍යයන්ට සමබිමක තොරතුරු සැපයීම සඳහා අවශ්‍ය වතාවරණයක් සකස් විය යුතුයි. එනම්, මාධ්‍යවේදීන්ට තොරතුරු වාර්තාකරණය සඳහා නිදහසක් පැවතිය යුතුයි. මූලාශ්‍ර ආරක්ෂා කිරීමේ අයිතිය ජනමාධ්‍ය සතුයි. කෙසේ නමුත්, විද්‍යුත් විකාශන ආයතන නියාමනය සම්බන්ධයෙන් යම් නිශ්චිත නීතියක් පැවතිය යුතුය යන්න සැවොම පිළිගනු ලබන කරුණකි. එසේ වුවද ඒ සඳහා රජයේ මැදිහත් වීම සිදුවිය යුත්තේ සීමාකාරී තත්ත්වයන් යටතේය. නියාමනයක නාමයෙන් ආණ්ඩුව විවේචනය කරනු ලබන මාධ්‍ය මර්දනය කිරීම සිදු නොවිය යුතුයි.

වත්මන් රජය ජනමාධ්‍ය නියාමනය සඳහා මේ වනවිට ඉදිරිපත් කර ඇති ලියවිල්ල මගින් අනවශ්‍ය ලෙස මාධ්‍ය හසුරුවාලීමට යම් උත්සාහයක නිරත වන බව පෙනී යයි. එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි බරපතළ ලෙස බලපෑම් ඇති කළ හැකියි. එබැවින් රජය සිදු කළ යුතු වන්නේ, නිදහස් මාධ්‍ය කර්මාන්තයක් වර්ධනය වීම සඳහා ආචාරධර්ම පද්ධතියක් සහ වෘත්තීය මාධ්‍යවේදීන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දීමයි”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...