*
Monday, October 7, 2024
spot_img

Latest Posts

” අස්වැසුම ”  ගැන අගමැති පාර්ලිමේන්තුවේදී කතා කරයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අස්වැසුම වැඩසටහන සඳහා අඩු අදයම්ලාභින් තෝරාගැනීමේ සමීක්ෂණයේදී අඩුපාඩු සිදු වී ඇතැයි පාර්ලිමේන්තුවේදී අද (23) මන්ත්‍රීවරු කිහිප දෙනෙකු කළ ප්‍රකාශයන්ට  ප්‍රතිචාර , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වූවා.

” මේ අඩු ආදායම්ලාභීන්ගේ අස්වැසුම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා වූ සමීක්ෂණයේ අඩුපාඩුකම් ගැන කියවුනා. පසුගිය මාස කීපය තුළ මේ සමීක්ෂණය ක්‍රියාත්මක වුණා. ඒ අවස්ථාවේදීත් යම් යම් නිලධාරීන් ඒකට සහභාගී නොවීම නිසා අතිරේක විශේෂ තරුණ සුදුසුකම්ලාභීන් ස්වේච්ඡා සේවයට ගැනීමටද සිදු වුණා. ඒ අනුව සුබසාධක මණ්ඩලය ඒ අභියෝගයේ පළවෙනි වටය අපේ රාජ්‍ය නිලධාරින් සමග රට පුරා ඉටු කරලා තිබෙනවා.

පසුගිය අයවැය ලේඛනයෙත් අපේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරන ලද IMF ගිවිසුමෙත් අඩු ආදායම්ලාභීන්ගේ ආරක්ෂාවට මේ සුබසාධන වැඩසටහන අන්තර්ගත කර තිබෙනවා. ඒ වගේම එය පළල් කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රතිඥාවක් දීලා තියෙනවා.

අඩු ආදායම්ලාභී සහ විවිධ රෝගවලට ගොදුරු වෙච්ච අය කිසිලෙසකින් අයින් කරන්න බෑ. ඉතිං ඒ නිසා මේ කටයුත්තේ අභියාචනා ඉදිරිපත් කීරීමේ කාලය තාම ක්‍රියාත්මකයි. එයට සහභාගී වන්න කියලා යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම්, එය දැනුම් දෙන ලෙසත් මෙමගින් වැඩි දෙනෙක්‍ට. වෙනදට වඩා වැඩි දෙනෙක්ට අඩු ආදායම්ලාභීන්ට අවස්ථාව සැලසීම රජයේ බලාපොරොත්තුවයි. ලබාදී තිබෙන ජාත්‍යන්තර සහයෝගය තව දුරටත් වැඩියෙන් අපට ලබා ගන්න පුළුවන්. විපක්ෂ නායකතුමා සඳහන් කරපු යම් යම් සමීක්ෂණ පවත්වන දෙපාර්තමේන්තුවල කටයුතු අඩුපාඩුවක් තියෙනවානම්, ඒක වෙනම දෙපාර්තමේන්තුව හැටියටද් ඒ අනුව වැඩ කිරීම සඳහා අපි අවශ්‍ය පියවර ගන්නවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan