දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළා කියල මූල්‍ය ආයතන වැටෙන්නේ නැහැ!

Date:

කොළඹ LNW:දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දේශීය මූල්‍ය ආයතනවල කඩා වැටීමක් සිදුනොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසුවේය.

ඒ, මේ සම්බන්ධයෙන් අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ලෝකයේ ණය අර්බූදයකට ලක්වූ රටවල් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් රජයේ ණය බර අඩුකර ගෙන තිබෙන බවයි දුනුසිංහ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් සේවක අර්ථ සාධක අරමුදලෙන් ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගත නොකළ යුතු බවද ඔහු කියා සිටියේය,.

ආර්ථික අර්බුදය හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ 50% කින් අඩුවී තිබෙන අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සෙසු මූල්‍ය ආයතන වලින් ලබාගත් මුදල් පමණක් ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතු වන බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ණය තිරසාර කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් වන බවයි මහාචාර්යවරයා කියාසිටියේ.

”මම හිතන්නේ නෑ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් දේශීය මූල්‍ය ආයතන කඩා වැටෙනවා කියලා. ලංකාවට හැකියාවක් තියෙනවා මූල්‍ය ආයතනවලට හානියක් නොවන ආකාරයට කරගන්න. විදේශිකයින් ගෙන් ණය කපාහැරීම කරනවා නම් සාධාරණයක් තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත්. සේවක අර්තසාධක අරමුදල මගින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකළ යුතුයි. ආර්ථික අර්බුදය මත සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ 50% කින් අඩුවෙලා. අනිත් මූල්‍ය ආයතන වලින් ලබාගත් මුදල් පමණක් ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුයි. රටේ ජනතාව යම් යම් ක්ෂේත්‍රවල ඇතිවෙලා තියෙන වේදනාව සමානව බෙදාගත යුතු වෙනවා. මේක කළේ නැත්නම් රජය අරගෙන තියෙන ඉහළ බදු ගෙවන්න තව බදු වැඩිකරගන්න වේවී. අපි තීරණයකරන්න ඕන වැඩිපුර බදු ගෙවනවද කියලා. මම දකින්නේ නෑ කිසිසේත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මූල්‍ය ආයතන කඩාවැටෙයි කියලා.”

එම ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ මූල්‍ය ආයතනවලට දැරිය හැකිවන පරිදි බවද දුනුසිංහ මහතා සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් සේවකයින් අදත් වැඩවර්ජනයේ

සටහන - රුවන් නෙළුගොල්ල තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප...

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...