රුමේනියාවෙන් රැකියා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව, ආයෝජන සහ රැකියා ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (25) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ  රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී (Traian Hristea) මහතා අතර හමුවක් සිදුව ඇත.

එහිදී  රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ,එරට මේ වන විට මහා පරිමාණ යටිතල පහසුකම් සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටින නිසා ශ්‍රී ලාංකිකයන් සඳහා අමතර රැකියා අවස්ථා හිමිවනු ඇති බවයි.

රුමේනියාවේ අගනගරය වන බුකරෙස්ට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී මෙහිදී ශ්‍රී ලංකාවට ස්තූතිය පුද කර තිබෙනවා.

එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් රුමේනියානු රජයට සිය ස්තූතිය පළ කරන බවයි .

2016 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන්ගේ වඩාත් ජනප්‍රිය රැකියා ගමනාන්තයක් වී ඇති රුමේනියාවේ ඇඟලුම්, ඉදිකිරීම්, හෝටල් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය 32,000 කට වඩා වැඩි වන බව සඳහන්.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී රුමේනියාවෙන් ඉල්ලා සිට ඇත්තේ ,  අධ්‍යාපනය, කෘෂිකර්මය, දුම්රිය, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසයි .

වත්මන් ආර්ථික අර්බුදයට අදාළ ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කළ අගමැතිවරයා, යුරෝපා සංගමයේ අඛණ්ඩ සහය මෙරටට අවශ්‍ය බව ද අවධාරණය කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා GSP ප්ලස් තීරුබදු සහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිදුකරන ඉල්ලීමට තම රට සහය දෙන බවට රුමේනියානු රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සහතික වී ඇත

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...

කෝටි 07ක් රජයට පාඩුකිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ඇමති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) දින සබරගමුව...