කිවි ලලනාවනගේ සෙනෙහස ලැබුණු දේව පතිරාජ සිසුවියෝ

Date:

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලි සිටින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ ඊයෙ (ජූනි 29) පස්වරුවේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් හමු වී ඔවුන් සමඟ පුහුණු සැසියකටද සහභාගි වූහ.
ඉතා සුහදශීලි ලෙස ගෙවුණු මෙම හමුවේදී නවසීලන්ත ක්‍රීඩිකාවන් සිය සමරු අත්සන් ලබා දෙමින් පැය කිහිපයක කාලයක් ඔවුන් වෙනුවෙන් සිය කාලය නිර්ාලා්භීව වැය කරන්නට ඉදිරිපත් වීම අගය කළ යුතුය.ලසිත් මාලිංග ගේ ක්‍රිකට් ප්‍රවේශය සිඳු වූ පාසල වන රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ජාතික කණ්ඩායමට බිහි වූ තවත් ක්‍රීඩකයන් වන්නේ තරිඳු කෞශාල් සහ සීකුගේ ප්‍රසන්න ය.

එසේම කාන්තා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටින පාසලක් වන ඔවුන්ගේ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම ජාතික මට්ටමේ ජ්‍යේෂඨ සහ කණිෂ්ඨ සංචිතවල ක්‍රිඩා කරන අතර මේ වන විට ජාතික කණ්ඩායමේ කැපී පෙනෙනම තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර සිටින කවීශා ගයත්‍රී ද පතිරාජයේ නිර්මාණයක්ය.

දේවපතිරාජ සිසුවියන් අතර සිටි ලාබාල ක්‍රීඩිකාවක වන හිරන්‍යාගේ උපන් දිනයද ඊයේ දවසට යෙදි තිබුණ අතර නවසීලන්ත ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් එක්ව ඇයට සුබ පැතීම ඇයගේ ජිවිතයේ සදානුස්මරණිය මතක සටහනක් බවට පත්වෙනු ඇත. එහි වීඩියෝ දර්ශනයද මේ සටහනට එකතු කර ඇත.නවසීලන්ත ජාතික ධජාය් ඇති සුදු පැහැති පර්න්ස් ශාක පත්‍රය පදනම් කරගෙන White Ferns නමින් හඳුන්වන නවසීලන්ත කාන්තා කණ්ඩායමේ නිල ෆෙස්බුක් පිටුවෙන් අපි හිරණ්‍යාගේ උපන්දින සුබ පැතුම ලබා ගත්තෙමු.



සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...