අලි සබ්රි රහීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සම්පූර්ණ වාර්තාවක් ලබා දෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නීතිවිරෝධී ලෙස ‍රුපියල් කෝටි අටක් පමණ වටිනා රත්‍රං සහ ජංගම දුරකථන ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වූ , පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සම්පූර්ණ වාර්තාවක් ලබාදී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියයි.

ඒ  මන්ත්‍රීවරයා ගැන කථානායකවරයා විසින් රේගුවෙන් කළ ඉල්ලීමකට අනුවයි .

එම වාර්තාව එළඹෙන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව  මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසට කථානායකවරයා අලි සබ්රි මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණ ද ඊට ඔහු කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා ලබාදී නොමැති බවයි වාර්තා වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...