මුස්ලිම් තරුණයකු වදහිංසාවට පමුණුවා මරා දැමීම හේතුවෙන් හින්දුන් 10 දෙනෙකුට 10 වසරක සිර දඬුවම්

තබ්රේස් අන්සාරි නැඟෙනහිර ජාර්කාන්ද් ප්‍රාන්තයේ සොරකම් කර හසු වූ බවට චොදනා ලැබ මෙලෙස වදහිංසාවට ලක්කර ඇත.

2019 වසරේදී 24 හැවිරිදි තබ්රේස් අන්සාරි නමු මුස්ලිම් තරුණයෙකු පැය 12ක් පුරා වධ හිංසාවට පමුණවා බලහත්කාරයෙන් හින්දු සටන්පාඨ කියවමින් මරා දැමූ හින්දූන් 10 දෙනෙකුට ඉන්දීය අධිකරණය විසින් දස වසරක සිර දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

තබ්රේස් අන්සාරි නැඟෙනහිර ජාර්කාන්ද් ප්‍රාන්තයේ සොරකම් කර හසු වූ බවට චොදනා ලැබ මෙලෙස වදහිංසාවට ලක්කර ඇති අතර, පොලිස් විසින් ඔහුව රෝහල් ගත කළමුත් ඔහු දින කිහිපයකින් අත්අඩංගුවේදීම මිය යන ලදි.

මේ සම්බන්ධයෙන් අන්සාරිගේ බිරිඳ ෂයිස්ටා පර්වීන් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, උසාවි නියෝගයට තමා ගරුකරන මුත් වරදකරුවන්ට දඬුවම් දීර්ඝ කිරීම වෙනුවෙන් තමා ඉහළ උසාවියට අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

කෙසේ නමුත්, ආගමික ප්‍රචණ්ඩත්වයට එරෙහිව කතා නොකිරීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි විවේචනයට ලක්ව ඇති අතර අන්සාරීගේ ඝාතනය සම්බන්ධයෙන් තමා අතිශය වේදනාවට පත්වූ බව ඔහු ප්‍රකාශ කර තිබිණ.

සශිකලා මධුෂාණී_ (Outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...