අපි බලය නැතත් වැඩ කරන විපක්ෂයක් – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ කෙටිකාලීන වරප්‍රසාද ලබාදීමට බවත්, සමගි ජන බලවේගයේ ස්ථාවරය වන්නේ මතු පරම්පරාව සුරක්ෂිත කොට සමස්ත ජන ජීවිත ගොඩනැංවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බලය නැතිව තිබියදීත් වැඩ කරන හැටි ගැන ප්‍රායෝගික උදාහරණ සමගි ජන බලවේගය සතු බව පැවසූ විපක්ෂ නායකවරයා, රටට අගයක් එකතු කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය දෙවරක් කල්පනා නොකරන බවත් අවධාරණය කළේය.

යාල ජාතික වනෝද්‍යානයේ යාල වනජීවි සුබසාධන කාර්යාලයේ ප්‍රයෝජනය සදහා මෙතෙක් බලවත් අඩුපාඩුවක්ව පැවැති ජල පෙරණ යන්ත්‍ර 11 ක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස සමගි ජනබලවේගයේ “හරිත ව්‍යාපෘතිය”, හරිත පාරිසරික සංරක්ෂණ වැඩසටහන සහ Project Leopard ව්‍යාපෘතිය හරහා පසුගිය 05 වනදා පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට ගාල්ල බද්දේගම මද්දෙවිල ශ්‍රී විජයවික්‍රමාරාමාධිපති, අම්පෙගම ශ්‍රී නන්දසාර ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය හිපන්කන්දේ සෝරත නාහිමි පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද, Project Leopard ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රීමාල් හැරල්ඩ්, යාල උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න, යාල කටගමුව නියෝජ්‍ය උද්‍යාන භාරකරු නිශාන්ත රෝෂන් ඇතුලු පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...