නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහානායක හිමියන් බැහැ දකියි

Date:

නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW): නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාපති පදවියට පත් ඒ මහතා ඊයේ (08) දින පෙරවරුවේ මහනුවර සංවාරයකට එක්විය.

දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව ඒ මහතා කෞතුකාගාරය සහ අලි ඇත් තටාංගනයේ නිරීක්ෂණයකට ද එක්විය.

අස්ගිරි මහා විහාරයට පැමිණි උදේනි රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

උන්වහන්සේ සමඟ සුදහ පිළිසඳරක නිරත වූ ඒ මහතා අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණියේය. එහිදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටු ගුවන් හමුදාපතිවරයා මහා නායක හිමියන්ගෙන් ආශිර්වාද ලබා ගත්තේය.

මහා විහාරයේ විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීමට ද ඒ මහතා අනතුරුව කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...