පන්සල්වල සිද්ධි ෆේස්බුක් දැම්මොත් බලාගෙනයි – ලේකම් කේස්

Date:

විහාරස්ථානවල ඇතිවන හුදෙකලා සිදුවීම් ප්‍රචාරණය කිරීමෙන් අනවශ්‍ය ලෙස සමාජ කැළඹීම් ඇතිවන බැවින් එවන් සිදුවීම් සමාජ මාධ්‍යයන්ට මුදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදාරණපතිරණ මහතා පවසයි.

පසුගියදා නවගමුව, බෝමිරිය ප්‍රදේශය් ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පොලිසිය දැනුවත් කළ අතර පොලිසිය අදාළ සැකකරුවන්ව කඩිනමින් අත් අඩංගුවට ගත් බවයි ඒ මහතා සඳහන් කළේ.

එම සිද්ධියේදී භික්ෂුවට සහ කාන්තාවන් දෙදෙනාට පහරදීම වැරදි බවත් එවන් සිදුවීම් සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී වඩාත් විමසිලිමත් විය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

එමෙන්ම අදාළ භික්ෂුව සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ මහානායක හිමිවරුන් විසින් බව පැවසූ අමාත්‍යාංශ ලේකම්වරයා ඊට බුද්ධශාසන අමාත්‍යාංශය මැදිහත් නොවන බවත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!