2022 ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (12) සිට

0
265

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  විභාග දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පැවසුවේ, මේ මස 21 වෙනි දා දක්වා 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (12) සිට ආරම්භ කරන බවයි.

2022  උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකි  බව දන්වා සිටී.

ජූලි මස 06 වැනි දායින් පෙරදිග සංගීතය හා නර්තනය යන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ  පවත්වා අවසන් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??