සරම්ප වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වසංගත රෝග විද්‍යා ඒකකය  පවසන ආකාරයට , මෙරට සරම්ප රෝගය වැළඳුණු ළමයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් වාර්තා වී ඇති බවයි .

මේ වනවිට එවැනි ළමුන් 20ක් හඳුනාගෙන ඇති බවත්  , සරම්ප වැළඳුණු දරුවන් 7දෙනකු මේ වනවිට රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එම රෝහලේ ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි .ප්‍රතිශක්තිකරණය නොවූ බොහෝ දරුවන් අතරේ යළිත් සරම්ප රෝගය පැතිර යමින් ඇති බවද වෛද්‍යවරයා පවසයි.

සරම්ප රෝගය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොගත් ළමුන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක බවත්
ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලවලට උපදෙස් දී ඇති බවත් , වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ , එම ළමුන් කඩිනමින් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඔහු සඳහන් කළේ, මාස 9 හා අවුරුදු 3දී සරම්ප රෝගයට ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකක් ලබා දිය යුතු බවයි. නමුත් විවිධ මිත්‍යා මත හේතුවෙන් සුළුතරයක් මව්පියන් ළමුන්ට එම ප්‍රතිශක්තිකරණය ලබා නෙදෙන බවට වාර්තා වේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට ගොස් අවශ්‍ය ඕනෑම අවස්ථාවක මග හැරුණු සරම්ප රෝග ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගත හැකි බවයි, විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සඳහන් කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!