ලෝක ප්‍රකට විම්බිල්ඩන් ශූරතාව ශ්‍රේණිගතවත් නොවූ ක්‍රීඩිකාවක් දිනා ගනී!

Date:

චෙක් දේශයේ ඉපදුණු, අද ලෝකයම පුදුම කරමින් ටෙනිස් වලින් අනෙකන්ව චෙක්මේට් කරපු Marketa Simkova Vondrousova, 1999 ජූනි 28 දිනඩේවිඩ් වොන්ඩ්‍රෝස් සහ ජින්ද්‍රිස්කා ඇන්ඩර්ලෝවාට දාව ජර්මනියට මායිම්ව පිහිටි චෙක් ජනරජයේ කුඩා නගරයක් වන සොකොලොව් හි උපත ලද තරුණියකි.

ඇයගේ පියා ඇයව ටෙනිස් ක්‍රීඩාවට හඳුන්වා දුන්නේ වයස අවුරුදු හතරේදීය. Vondrousova ට වයස අවුරුදු තුනේදී ඇගේ දෙමාපියන් දික්කසාද වූ නමුත්ඔවුන් දෙදෙනාම ඇගේ ජීවිතයේ රැඳී සිටි අතර ටෙනිස් ක්‍රීඩිකාවක් ලෙස ඇයගේ ඉදිරි ගමන් මගට සහයෝගය දැක්වීය. නමුත් ඇයට මහා ලොකු ශූරියක් වන්නට කාලය එවකට නොවීය.

ඉකුත් වසරෙහි ඇය ඇගේ මැණික් කටුව මත කළ සැත්කමකට ලන්ඩන් ඇවිත් නරඹන්නන්ගෙන් එක් අයෙකු වී විම්බිල්ඩන් ටෙනිස් ශූරතාවලිය නැරඹීය. නමුත්අද වනවිට ඇය එම ඇස් මානයේ පෙනුණු ශූරතාව තමාගේ ම කරගැනීමට සමත් වූයේ හරි අහම්බයක් ලෙසිනි.

වෘත්තීයෙන් ටෙනිස් ක්‍රීඩිකාවක් වූ ඇය ශ්‍රේණිගතවත් නොවූ (Unseeded) සාමාන්‍ය ක්‍රීඩිකාවකි. නමුත් ඔන්න අද Vondrousova ට විශේෂ දවසක් වී හමාරය. ඒ විම්බිල්ඩන් ශූරිය බවට ඇය පත්වීමත් සමඟය. මෙය ඉතිහාසගත වන්නේ ටෙනිස් ලෝකයේ ශ්‍රේණිගත නොවූ පළමු කාන්තා ජයග්‍රහණය ලෙසයි.

ඇය කාන්තා ටෙනිස් සංගමය (WTA) විසින් ලොව අංක 10 අතරට එක් වෙමින් වෘත්තීය මට්ටමේ ඉහළ ශ්‍රේණිගත කිරීමකට උරුමකම් කීය. 2019 ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අනුශූරිය වූ අතර ඇය කාන්තා ටෙනිස් සංගමයේ (WTA )සංචාරයෙහි අවසන් තරග හතරකින් එක් කේවල ශූරතාවක් සහ 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ රිදී පදක්කමක් දිනාගෙන ඇත.

ශූරතාව දිනා ගැනීමෙන්, Vondrousova ටෙනිස් ක්‍රීඩිකා බිලී ජීන් කිංට වඩා පියවරක් ඉදිරියට ගිය අතර, 1963 දී ශ්‍රේණිගත නොකළ අවසන් තරඟකාරියක් ලෙස විම්බල්ඩන් දක්වා පැමිණි නමුත් ඕස්ට්‍රේලියානු මාග්‍රට් කෝට් හමුවේ පරාජය විය.

පසුගිය වසරේ අවසන් මහා තරගයේදී එලීනා රිබකිනා හමුවේ ලද පරාජයෙන් මිදීමට ටියුනීසියානු ක්‍රීඩිකාවක් මෙවර වේගවත් ආරම්භයක් ලබා ගනිමින්, පළමු වටයෙහි දී 2-0 ලෙස ජයග්‍රහණය කළ අතර පසුව Vondrousova ඉන්පසු තරඟ ජයග්‍රහණය කරමින් විම්බිල්ඩන් ශූරතාවයට උරුමකම් කීය.

Billie Jean King සමඟින් සෙන්ටර් කෝට් හි රාජකීයන්ට වෙන් වූ ස්ථානයෙහි සිට තරගය නැරඹූ වේල්ස් කුමරිය කේට් විසින් ඇයට කුසලානය පිරිනමන ලදී.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: Lanka Ride තෙදින පාපැදි...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...

නුවරඑළියට මල් තුහින – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 17) දිනයේදී දිවයිනේ බොහෝ...