ඉන්දියාවෙන් ගෙනා ඖෂධ දෙකක් ප්‍රමිතියෙන් තොරයි!

Date:

කොළඹ LNW:ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධ 600ක් අතරින් ලියාපදිංචි කළ ඖෂධ 02ක තත්ත්ව පරීක්ෂාව අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ කොළඹ අක්ෂි රෝහලේ දී ප්‍රශ්නගත වූ ඖෂධයේ බැක්ටීරියා අන්තර්ගත වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

තත්ත්ව පරීක්ෂාව අසමත් ඖෂධ අමාත්‍යාංශයට අයත් සමහර ගබඩාවල අවුරුදු ගණන් තිබෙන බවත් එය අළුත් දෙයක් නොවන බවත් ඔහු සඳහන් කරයි.

කෙසේවෙතත් මේ වන විට හඳුනාගෙන ඇත්තේ අක්ෂි රෝහලේ ඇති වූ සංකූලතාව පමණි.

”ඒ බෙහෙතේ බැක්ටීරියා තිබුණා කියන එක ඇත්ත. ඒ සම්බන්ධයෙන් අපි දැන් ඉදිරි කටයුතු කරනවා. අනෙක් බෙහෙත් සියල්ලම අපි තාවකාලිකව තමයි නතර කරලා තියෙන්නේ. ඒ පරීක්ෂණ නිමාවෙන තුරු” යන්න රත්නායක මහතා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...