වකුගඩු රෝගීන් අනතුරේ  – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ , ඖෂධ තොග නිසි පරිදි පවත්වාගෙන නොයෑම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් හදිසි ඖෂධ මිලදී ගැනීමකට සූදානම් බවය.

රෝහල්වල පවතින ඖෂධ හිඟය හේතුවෙන්, කොළඹ මාළිගාවත්තේ පිහිටි ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු  ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් මතුව ඇති බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ  ඒ මහතා,

“ජාතික වකුගඩු රෝහල ඇතුළු වකුගඩු රෝහල්වල වකුගඩු බද්ධකිරීමේ සැත්කම් නැවතීමේ අවදානමක් සම්බන්ධයෙන් ඖෂධවල අඩුවීමක් තියෙනවා. සමහර ඖෂධ ඇත්තෙම නැහැ ඒ තත්ත්වය යටතේ ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක් මේ වෙනකොට සිද්ධවෙලා තියෙනවා. නැවත මේක නැවතුනාට පස්සේ විකල්පය වෙන්නේ හදිසි මිලදීගැනීම් විතරයි. එතකොට ලක්ෂ දෙකේ වෑල් එක ලක්ෂ විස්සට තිහට මිලදීගන්න පුළුවන්. දැනටමත් පෞද්ගලික අංශයේ සමහරු ඒවා ගෙනල්ලා ගබඩා කරගෙන ඉන්නවා ද දන්නේ නෑ. හදිසි මිලදීගැනීම්වලට යන්න වෙන්නේම ගොඩක් වෙලාවට මේගොල්ලෝ කියන කාරණය තමයි ඖෂධ නියාමන අධිකාරිය තුල එක ඖෂධයකට සැපයුම් කරුවන් ඉන්නේ එක්කෙනයි නැත්නම් දෙන්නයි. සමහරවිට ඒ දෙන්නා චෙනාන්විතවම මේකෙන් ඉවත් කරනවා. මොකද ඒ අය කළින් ගෙන්වපු ඖෂධවලට රුපියල් මිලියන ගණන් තියෙනවා නම් හිඟ මුදල් ගෙවන්න ඒවා ගෙවන්නේ නැතුව පරක්කු කළාම ඒ අය මේ වැඩෙන් අයින් වෙනවා. ඒගොල්ලොත් බිස්නස් එකක් නේ කරන්නේ. එතකොට අවසානයේදී සිද්ධවෙන්නේ ලියාපදිංචි නොවුණු සැපයුම් කරුවෙක් හරහා තත්ත්වයෙන් බාල ඖෂධයක් ගෙන්වනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වය තවදුරටත් වෙනස් වෙයි – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 18) දිනයේදී බස්නාහිර සහ...

නරක තොණ්ඩමන් හොඳවෙයි. මාලිමාව තොණ්ඩමන් සමග එක්ව සභා දෙකක බලය පිහිටුවයි !

ජාතික ජන බලවේගය ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු...

අත්අඩංගුවට ගත් ජපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා රිමාන්ඩ් !

වැඩි මිලට ශල්‍ය උපකරණ විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...