පුංචි ඡන්දය නොපැවැත්වීමට එරෙහි පෙත්සම් නිශ්ප්‍රභ කරන්නැයි නීතිපති ඉල්ලයි

Date:

පසුගිය මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතව තිබුණු පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පාර්ශ්ව දෙකක් විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ, එම පෙත්සම් ඊයේ (26) කැඳවූ අවස්ථාවේදීය. මෙම පෙත්සම් ගොනුකර ඇත්තේ ජාතික ජන බලවේගය සහ පැෆරල් සංවිධානය විසිනි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා පැවසුවේ අදාළ පෙත්සම් රටේ පවතින ආර්ථික අර්බුදය ඇතුළු අනෙකුත් කරුණු ගැන අවබෝධයකින් තොරව ගොනුකර ඇති හෙයින් එම පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසයි.

පෙත්සම් නැවත ඔක්තෝබර් 02 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...