ඊ පාස්පෝට් අභිලාෂ කැඳවීමේ නිවේදනය අත්හිටුවා ටෙන්ඩර් කැඳවීමට ඇමති ටිරාන්ගෙන් තීරණයක්

Date:

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හෙවත් ‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීමට අදාල අභිලාෂ කැඳවීමේ නිවේදනය (EOI) අත් හිටුවා ටෙන්ඩර් කැඳවීමට අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබේ.

ඊට අදාල කටයුතු සඳහා විශේෂ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කිරීමටත් ඒ අනුව, රටේ පවතින ආර්ථික තත්වය හා අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන අලුතින් ටෙන්ඩරයක් කැඳවීමටත් විෂය බාර අමාත්‍ය ටිරාන් අලස් විසින් ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රීකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීමට අදාලව අභිලාෂ කැඳවීමේ නිවේදන (EOI) කැඳවා තිබූ අතර එහිදී ඊට ඉදිරිපත්වූ බොහෝ අභිලාෂ ප්‍රකාශකරුවන් එම අභිලාෂ කැඳවීමේ නිවේදනයේ පැවති යම් යම් තාක්ෂණික දුර්වලතා සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වෙත පැමිණිලි කර තිබිණ.

ඒ අනුව, අදාල අභිලාෂ කැඳවීමේ නිවේදනය අහෝසි කර සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔස්සේ ටෙන්ඩර් කැඳවීමට විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් කටයුතු කර ඇත.  

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්‍ෂ 7 කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් පමණ වැයවන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර සඳහා ද ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුව ඇති බව කී එම නිලධාරියා අධික වියදම හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දුෂ්කර වී ඇති බව ද සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොලිවියාවේ ඉදිරි දේශපාලන වෙනසක් සිදුවේද? බොලිවියාවේ ජනාධිපතිවරණය ගැන නොදත් දේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...