පුදුමයන් හැමවිටම අදෘශමානය …

Date:

යම් කෙනෙක් මොකක්හරි අළුත් සමාජයක් හදන්න සිහින දකිනවා (utopia) නම් ඒ සිහිනය හරි කියල අනුමත කරන්න අපිට ඉහලින් දෙවි කෙනෙක් නැහැ. වෙනත් නිලධාරී තන්ත්‍රයකුත් නැහැ. මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ගන්න ඕනි කියල එකකුත් නැහැ. අපිට ඉහළින් තියෙන්නේ හිස් අහස විතරයි.

ඒ කියන්නේ කොටින්ම අපිට ඉහලින් කිසිම දෙයක් නැහැ. වෙනත් විදියකට කිව්වොත් මහා අනෙකෙක් නැහැ (There is no Communist Big Other). පණිවුඩ කරුවෙක්වත් (no messenger), හෙළිදරව් කරන්නෙක්වත් නැහැ (no revelation). ඒ වගේම අපි කරන දේ හරිද වැරදිද කියල අවසන් තීන්දුවක් දෙන්න කෙනෙකුත් නැහැ.

මොකක්ද මාර්ගය, මොනවද නැවතීමේ සලකුණු, කොතැනින්ද හැරෙන්නේ වගේ කිසිම දෙයක් මීට කලින් කවුරුත් කොහේවත් ලියල කරල නැහැ. ඒවා ඔක්කොම තීරණය කරන්න වෙන්නේ අපිටමයි.

ඒ වගේම මීට කලින් ලියවිච්ච පොත්වල ඒ සලකුණු තියනවා කියල හිතන්නත් බැහැ. කොමියුනිස්ට් මැනිෆෙස්ටෝව කියවල බලල අදහසක් ගන්නත් බැහැ.

අර කලින් කියල තියනවා වගේ මොකක් හරි ඓතිහාසික අවශ්‍යතාවක් මතින් එවන් සමාජයක් බිහි වෙන්නෙත් නැහැ (There is no historical necessity).

දැනට කියන්න පුළුවන් එකම දේ තමයි මොකක් හරි අපි නොසිතන ”හදිසි දෙයක්” (contingency) විසින් යම් පුදුමයක් සිද්ද කරන්න පුළුවන් කියන එක.

වෝල් ස්ට්‍රීට්වල, අරාබි වසන්තයේ, ග්‍රීසියේ, ටියුනිසියාවේ ඇතිවෙච්ච හැම නැගිටීමක්ම අපිට පෙන්නන්නේ තව ටික කාලෙකින් සිද්ද වෙන්න නියමිත ”මොකක්දෝ දෙයක්” ගැන අනාගත සංඥා වගයක්.

අර ඩෙලූස් කියනවා වගේ අපි ඔක්කොටම කළින් අධ්‍යයනය කරන්න ඕනි ඒ සංඥා තේරුම් ගැනීමේ කලාව. මෙච්චර කල් අපි ඒ සංඥා තේරුම් ගැනීමේ නොහැකියවකින් පීඩාවින්ද. ඉස්සරහටත් ඒවා අපිට තේරුණේ නැත්නම් සියල්ල අපේ ඇඟිලි අස්සෙන් ආයෙත් රූටල යාවි.

ඇත්තම කියනවා නම් න්‍යායක් හෝ මතවාදයක් නැතුවත් පුදුමයන් සිද්ද වෙන්න පුළුවන් (miracles without doctrines).

පුදුමයන් හැමවිටම අදෘශමානයි. භක්තිමත්ව මඟබලාගෙන ඉන්න අයට ඉඳහිට වගේ පේන්න ගන්නවා. ගෝෂා කාරයන්ගේ ඇඟිලි අස්සෙන් රූටා බහිනවා.

ජනතාව මොකක්ද හිතන්නේ කියන එකනම් එච්චර වැඩක් නැහැ. මොකද ජනතාව ගොඩක් ම ග්‍රීකයෝ හින්ද….

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...