අස්වැසුම නැති සමෘද්ධිලාභීන්ට නැවතත් සමෘද්ධිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අස්වැසුම යෝජනා ක්‍රමයට තෝරා නොගත් සමෘද්ධිලාභීන්ට ප්‍රතිලාභ ගෙවීමට රජය පසුගිය දා ගත් තීරණයත් සමග, සමෘද්ධිලාභීන් 393,094 කට මේ මාසයේ සිට යළිත් මාසිකව ප්‍රතිලාභ ලබාදෙන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ , සමෘද්ධි  බැංකු හරහා ඔවුන්ට හිමි වාරික ගෙවීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව සමෘද්ධි දීමනාව ලබා ගනිමින් අස්වැසුම සමාජ සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම් කළ 12,80,000 ටම සමෘද්ධි  හෝ අස්වැසුම ප්‍රතිලාභ දීමනාවක් හිමිවේ.

තවද, සමෘද්ධි ලාභීන්ට ද අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවන දීමනාව ගෙවිය යුතු බවයි , සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා සඳහන් කළේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ මහර සභාපති ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි මහර ප්‍රාදේශීය...

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...