මෙක්සිකෝවේ බස් රථයක් පෙරලී 17 ක් මරුට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):පුද්ගලයින් 17 දෙනෙකුට මරු කැඳවමින් , බටහිර මෙක්සිකෝවේ මගී බස් රථයක් අධිවේගී මාර්ගයකින් මිටියාවතකට පෙරලීගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තවත් විසි දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

නයාරිට් ප්‍රාන්තයේ ආරක්ෂක සහ සිවිල් ආරක්ෂක ලේකම් Jorge Benito Rodriguez පවසා තිබෙන්නේ , අඩි 164ක් පමණ ගැඹුරු වූ මිටියවතකට බස් රථය පෙරළීයාමෙන් පසු බේරාගැනීම අතිශයින්ම දුෂ්කර බවයි.

මියගිය අය අතර වැඩිහිටියන් 14 දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. මගීන් 40 දෙනෙකු පමණ රැගෙන ටිජුවානා දෙසට ගමන් ගත් මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට යාමට හේතුව කුමක්ද යන්න පැහැදිලි නැති බවයි තව දුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...