ගැඹුරු බෞද්ධ දර්ශනය යනු ගැහැණිය මූලධර්මවාදී සිරගෙවල්වල අඩස්සි කළ එකක් නොවේ …

මිනිස් ශිෂ්ඨාචාරය කෙතරම් පැරණිද සුරාවද එතරම්ම පැරණි යැයි පැවසිය හැකිය.

මත්පැන් සඳහා (සුර) සුරාව යන නම යෙදෙන්නේද එය සතුව ඇති දිවියේ සරදැස නිවන දිව්‍යමය මෝහනය නිසා යැයි අපට සිතිය හැකිය..

නමුත් ලංකාව තුල සුරාව සම්බන්දව ඇත්තේ විකාර සහගත විරෝධයකි.

අනාදිමත් කාලයක සිට ආගම සතුව පැවති මේ මත්පැන් විරොධය පසුව ලංකාවේ සමහර වාමාංශික ව්‍යාපාර වලටද වැළදිනි. ඇත්තෙන්ම ලංකාවේ ඇතැම් වමේ පක්ෂවල ඇති මත්පැන් විරෝධය වමට බෝ වුණ ආගමික වසංගතයකි…මන්ද පිටත ලෝකයේ ඇති වමේ ව්‍යාපාර වල මේ මත්පැන් අරහං ප්‍රතිපදාව නැත…..

දියුණු ලෝකය තුල මිනිසාට මත්වීමට ඇති අයිතිය ගැහැණු පිරිමි බේදයකින් තොරව ස්තාපනයකොට ඇත..පිරිමින්ට නැති ගැහැණුන්ට ඇති මේ වෙරිවීමේ තහනම වූ කලී ගැහැණුන්ගේ චරිත පාරිශුද්දිය සොයන ආසියාතික නරුම පුරුෂාධිපති වාදයේම කොටසකි..

මෙහිදී මේ හාමුදුරුවෝ විසින් “පස්වෙනි සිල් පදය කඩකල ඇය අනික් සිල්පද රකීද” යැයි සඳහන් කිරීමේදී එහි අනියමින් හැඟවෙන අනික් සිල් පදය කාමේසුමිච්චාචාරා සිල් පදය විය යුතුය..ඇත්තෙන්ම මෙතෙන්ට අදාලව එය බුද්ධ දර්ශනයට අයත් ශික්ෂාපදයකට වඩා වික්ටෝරියානු සදාචාරවාදයේ ශික්ෂාපදයකැයි මට සිතේ.. මන්ද ගැඹුරු බෞද්ධ දර්ශනය යනු ගැහැණියගේ නිදහස වෙනුවෙන් පෙනීසිටි දර්ශනයක් මිස ගැහැණිය මූලධර්මවාදී සිරගෙවල් තුල අඩස්සිගතකල දර්ශනයක් නොවන බැවින්..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...