නියඟයෙන් පළාත් 4 ක පුද්ගලයින් 90,000 ක් පීඩාවට

Date:

පවතින නියං කාලගුණ තත්වය හේතුවෙන් පළාත් 04 ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 කට අයත් පුද්ගලයින් 90,000 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උතුර, නැගෙනහිර, වයඹ සහ සබරගමුව යන පළාත්වල පවුල් 27,885 කට අයත් පුද්ගලයින් 89,485 දෙනෙකු මෙසේ පීඩාවට පත්ව ඇති අතර මෙහි වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයයි.

යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 21714 කට අයත් පුද්ගලයින් 69113 දෙනෙකු නියඟය හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

නැගෙනහිර පළාතේ පවුල් 2747 කට අයත් පුද්ගලයින් 8983 දෙනෙකු, වයඹ පළාතේ පවුල් 1726කට අයත් පුද්ගලයින් 5655 දෙනෙකු සහ සබරගමුව පළාතේ පවුල් 1098 කට අයත් පුද්ගලයින් 5734 දෙනෙකු ද නියඟයෙන් පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...