සියලු පළාත් පාලන ආයතනවල ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, 2023 වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සඳහා ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරන බවයි.

අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, මේ වන විටත් පළාත් පාලන ආයතන 69ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

වරිපනම් බදු ඇතුළු බදු ගෙවීමේ කටයුතු, එම පළාත් පාලන ආයතන තුළ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මේ වන විට සිදුකරනු ලැබෙන බව සඳහන්ය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ, ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේ කටයුතු ද ඔන්ලයින් ක්‍රමය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ වසර අවසන් වීමට පෙර දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 341 සඳහාම මෙම වැඩපිළිවෙළ හඳුන්වා දීමට නියමිත අතර, ජනතාවට අපහසුතාවකින් තොරව සිය රාජකාරී කටයුතු සිදුකර ගැනීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙළ හදුන්වා දී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...