ඡන්ද විමසීමක් නොපැවැත්වීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ ගැටලුවක් – මහින්ද දේශප්‍රිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටින්නේ, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නොපැවැත්වීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ ගැටලුවක් බවයි.

මේ වසර තුළ ‍පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වලින් එක් මැතිවරණයක් හෝ පැවැත්වීමට බලධාරීන් පියවර ගනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ,

මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරන්නේ,
සැප්තැම්බර් 15 වනදාට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයට පළමුව, දැනට කල් දමා ඇති මැතිවරණ දෙකෙන් එකක් හෝ පවත්වනු ඇති බවට බලාපොරොත්තු වන බවත්, ජනතාවගේ පාලනයකින් තොරව, මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරුන්, ලේකම්වරුන් හා කොමසාරිස්වරුන් විසින් ගෙනයන මෙම පාලනය අනීතික බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී ඇති බවයි.

පො‍ළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළකර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...