නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්නම් රට ගොඩගන්න පුළුවන් –  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ අදහස වන්නේ,  නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්නම් වසර 10ක් ඇතුළත මෙරට දියුණු කළ හැකි බවයි.
රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස් වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

මෙම කාරක සභාව සඳහා අදහස් ලබාගැනීමට විශ්ව විද්‍යාල නියෝජනය කරන ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කැඳවා තිබූ අතර ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල නියෝජනය කරන මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් මේ සම්බන්ධයෙන් තම අදහස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට නිෂ්පාදන ආර්ථිකය වැඩිකරගැනීම අවශ්‍ය වන බවත් ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීම වැදගත් වන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.

තවද මෙහිදී අදහස් දක්වමින් කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් දිසානායක මහතා පෙන්වා දුන්නේ, නිෂ්පාදකයන් ආරක්ෂාකිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩ පිළිවෙළක් මෙරට නොපවතින බවත්, ආර්ථිකය සම්බන්ධයෙන් ස්ථිර ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ද ඒ මහතා පෙන්වා දී ඇත.

වයඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමින්ද පෙරේරා මහතා පෙන්වා දී ඇත්තේ මෙරට ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශපාලන ප්‍රතිපත්තිය පටලවාගෙන ඇති බවත් , මේ නිසා ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් මෙරටට අවශ්‍ය බව මහචාර්යවරයා පෙන්වා දුන් අතර මේ සඳහා හොඳම උදාහරණය ඉන්දියාව බවත් එරට ආර්ථික ප්‍රතිපත්තිය දේශපාලන ප්‍රතිපත්තිය සමග බද්ධ වී නැති බවත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...