අඩාල වූ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (09) උදෑසන මීරිගම, විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී කන්ටේනරයක් දුම්රියක ගැටීම හේතුවෙන්, දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවූ  උතුරු සහ උඩරට දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
  
මීරිගම දෙස සිට ගිරිඋල්ල දෙසට ධාවනය වූ කන්ටේනරථයක්,  පොල්ගහවෙල  සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අර්ධ ශීඝ්‍රගාමි දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ අතර ,  දුම්රිය හරස් මාර්ගය වසා දැමීමට අදාළ සීනුව නාද වීම ආරම්භ වනවාත් සමගම කන්ටේනර් රථය දුම්රිය මාර්ගය දෙසට ධාවනය කිරීමෙන් අනතුර සිදුවූ බව පොලීසිය සඳහන් කළේ,

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නැති අතර , අනතුර හේතුවෙන්  ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය මීරිගම දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමත් ,කොළඹ දක්වා ධාවනය වූ දුම්රියන් අතරමඟ නතර කිරීමටත් සිදුවිය . නමුත් මේවන විට බාධා එල්ලවූ උතුරු සහ උඩරට දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...