ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට සුදුසුම කාලය මෙයයි – ශෙහාන් සේමසිංහ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්තමානය වන විට ශ්‍රී ලංකාව විසින් වේගවත් ආර්ථික ස්ථාවරත්වයක් හා තිරසර වර්ධනයක් කරා ගමන් කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකර යහපත් පරිසරයක් නිර්මාණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඉන්දියාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා හා ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුම කාලය මෙය බවද  රාජ්‍ය අමාත්‍යවරයා  ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ පවසා ඇත්තේ ,  කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් සංවිධානය කර, ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවති “Invest Sri Lanka”– සංසදයට සහභාගී වූ අවස්ථාවේදීය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ , ශ්‍රී ලංකා ආර්ථික වර්ධනයේ අනාගත උපායමාර්ග කෙරෙහි වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරනු ලබන බවත්, ඊට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමට ජනතාවගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත් වන බවත්ය.

තවද ,  ශ්‍රී ලංකා අනාගතයේ ප්‍රධාන උපායමාර්ගය වන්නේ ශක්තිමත් තිරසර සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් සහ ඉහළ තරඟකාරී ආර්ථිකයක් මත ගමන් කිරීම බව ද ඔහු එහිදී පෙන්වා දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...