සජිත්ගේ “සක්වල” වැඩසටහනින් 75 වැනි බස් රථය සමන්තුරේ මුස්ලිම් මහා විද්‍යාලයට (VIDEO)

Date:

දැයේ දූදරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සක්වල” වැඩසටහනේ 75 වැනි අදියර වශයෙන් අම්පාර සමන්තුරේ මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කිරීම ඊයේ (14) සිදුකෙරිණි.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ ලක්ෂ 39කට සාමාන්‍ය ආහාර සුරක්ෂිතභාවයත් නොමැති හා දරුවන් ලක්ෂ 29කට හරියාකාර ශක්තියක් නොමැති බවට යුනිසෙෆ් සංවිධානය කිව්වත් මේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සොයා නොමැති බවත් ජනාධිපති අගමැති ඇමතිවරු සිටියත් රටේ දුප්පතුන් ලක්ෂ 70ක් පමණ සිටින බවත් මේ වගේ රටක අන්ධකාරයක ජීවත් වන ජනතාවට නව එළියක් වීමට සමගි ජන බලවේගය සූදානම් බවත් ය.

එසේ ම ජාත්‍යන්තරයේ ඇති රටවල් තම ප්‍රතිපත්ති ලෙස තද බලය භාවිත කරන බවත් තවත් රටවල් මෘදු බලය භාවිත කරන බවත් තද බලය යනුවෙන් හදුන්වන්නේ යුධ ශක්තිය ආර්ථික ශක්තිය මුල් කර ගෙන පාලනය කිරීම බවත් එසේම ලොකු හමුදාවක් ආර්ථික බලයක් නොමැති රටවල් මෘදු බලය භාවිත කරන බවත් එහි දී සාකච්ඡා කිරීමේ දක්ෂතා, රාජ්‍යතාන්ත්‍රික දක්ෂතා හා සබඳතා උපයෝගී කර ගෙන කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ මොහොත් පවා අප රට බංකොලොත් වී ඇති හෙයින් මේ අවස්ථාවේ රටට වැදගත් වන්නේ තද බලය, මෘදු බලය නොව සුහුරු බලය බවත් ඒ සඳහා පාසල් පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් පැරණි විෂය නිර්දේශ නවීකරණය කර අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත වෙනසක් සිදු කළ යුතු බවත් ඉංග්‍රීසි භාෂා ක්‍රමයට පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට මුල් තැන ලබා දිය යුතු බවත් ඒ තුළින් සුහුරු බලයක් නිර්මාණය කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පාසල් දූදරුවන්ට දිවා ආහාරය සහ නිල ඇදුම් ලබා දුන්නා සේ සමගි ජන බලවේග රජයක් තුල කුමන ගැටලුවක් තිබුණත් නැවතත් දිවා ආහාරය ලබා දීමට කටයුතු කරන බවත් ඊට අමතරව සුහුරු පරිගණකයක්, ටැබ් යන්ත්‍රයක් හෝ හිමිකර දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඒ තුළින් සුහුරු සිසුවෙක් සුහුරු තාරුණ්‍යයක් සුහුරු රටක් හා සුහුරු බලයක් රට තුල ගොඩ නගන ඒ මහතා ප්‍රකාශ කළේය.

තව ද හිටපු දේශපාලනඥයින් අම්පාර සමන්තුරේ වැනි දිස්ත්‍රික්ක කොන් කළාට තමා ජනාධිපතිවරයා වූ පසු එවැනි දෙයක් සිදු නොවන බවත් මේ දිස්ත්‍රික්කය මෙන්ම මේ නගරයම දියුණු කිරීම තමාම මැදිහත් වී සිදු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...