පාකිස්තානයේ ආගමික අන්තවාදය ඇවිලේ

Date:

පන්ජාබ් පළාතේ ජරන්වාලාහි කතෝලික ආගමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් කුරානයේ පිටු ඉරා දැමීමේ සිද්ධියක් හේතුවෙන් පසුගිය සතියේ මැර කණ්ඩායම් විසින් ඓතිහාසික ගැලවීමේ හමුදා පල්ලිය සහ ශාන්ත පාවුළු කතෝලික පල්ලිය, කුඩා පල්ලි තුනක් සහ 80කට අධික කතෝලික නිවාස විනාශ කර ඇති බව වාර්තා වේ.

පිඩාවට පත් වුවන් මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ, යකඩ පොලු රැගත් Tehreek-e-Labbaik Pakistan (TLP) දේශපාලන පක්ෂයේ සන්නද්ධ පිරිස් විසින් පැය 10 කට වැඩි කාලයක් නිවාස කොල්ලකමින් කලහකාරී ලෙස හැසිරුණු බවත්, පොලිසියේ හෝ පරිපාලන බලධාරීන්ගේ කිසිදු මැදිහත්වීමක් මේ වෙනුවෙන් නොවුණු බවයි.

මෙම චෝදනාව පොලිස් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් පවසන්නේ තත්වය තවත් නරක අතට හැරීම වැළැක්වූ බවයි.

ආගමට අපහාස කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිස්තියානි පුද්ගලයන් දෙදෙනා හා මැර ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් 160කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුවෙමින් පැවති.

මේ වන විට පැරාමිලිටරි භට පිරිස් ජරන්වාලා හි ගිනි තැබීම් සිදු වූ ස්ථාන ආරක්ෂා කරමින් සිටින අතර පළාත් රජය ඊයේ (20) දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, විපතට පත් සෑම පවුලකටම රුපියල් මිලියන දෙකක (ඩොලර් 6,750) වන්දියක් අනුමත කර ඇති බවයි.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...