පළමු වරට ලංකාවේ පැවත්වෙන කර්ණාටක ජන සංස්කෘතික ප්‍රසංගය අගෝස්තු 25 කොළඹ දී

Date:

සටහන: නිෂ්මං රණසිංහ

කොළඹ (LNW): කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලීය සහයෝගීතාවයෙන් යුතුව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (AMCA) හා PEN Sri Lanka ආයතනය සංවිධානය කරනු ලබන කර්ණාටක සංස්කෘතික ප්‍රසංගයක් අගෝස්තු විසිපස්වෙනි සිකුරාදා දින පස්වරු 4 ට කොළඹ 7 සෞන්දර්ය විශ්වවිද්‍යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

කර්ණාටක ප්‍රාන්තයේ (30) තිහකට ආසන්න ප්‍රකට ජන හා ශාස්ත්‍රීය සම්ප්‍රදායේ ප්‍රාසංගික කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන්, ඉන්දියාවේ අන්තර්ජාතික සංස්කෘතික කවුන්සිලය (International Cultural Council of India (M.E) Global Peace Foundation ) ඉදිරිපත් කරන මෙම සංස්කෘතික ප්‍රසංගය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වන කර්ණාටක සංස්කෘතික ප්‍රසංගය වේ. නර්තන (ශාස්ත්‍රීය, සම්ප්‍රදායික හා ජන), සංගීතමය ඉදිරිපත් කිරීම්, බහු භාෂා කාව්‍ය ගායනා, මුද්‍රා නාටක,රූකඩ නාට්‍ය යනාදී අංග රැසක් මෙහි දී ඉදිරිපත් කෙරෙනු ඇත.

ඉන්දියාවේ අන්තර්ජාතික සංස්කෘතික කවුන්සිලය (ICFCI) ලොව පුරා ඉදිරිපත් කරනු ලබන ප්‍රසංග මාලාවේ (40) හතලිස්වැන්න අගෝස්තු විසි පස් වෙනි දින ශ්‍රී ලංකාවේ කොළඹදී ඉදිරිපත් කරනු ලබන බවත් මෙහි දී මුලික අවධානය යොමු වන්නේ, කර්ණාටක ජන ගී, ජන නැටුම්, ජන සංගීත, හා ජන කවි යන අංග කෙරෙහි බව එම කවුන්සිලයේ සභාපති K.P.මංජුනාත් සාගර් (K.P. Manjunath Sagar) මහතා නිවේදනය කරයි.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ විශිෂ්ටතම නර්තන ශිල්පීන් අතර සිටින මධුරී බොන්ද්‍රේ (Madhuri Bondre) හා ඇයගේ නර්තන කණ්ඩායම ඉදිරිපත් කරන නර්තන අංග මෙහි දී සුවිශේෂ වේ.

එමෙන්ම, යක්ෂ ඝණ නර්තනය ඉදිරිපත් කරනු ලබන්නේ, ෂෙරියාස් රවී හෙග්ඩේ යි (Shreyas Ravi Hegde). ගුරු ආචාර්ය ජය ශ්‍රී, (Guru Dr.Jaya shree, රවී හේග්ඩේ (Ravi Hegde)සහ ශෘති අෂීස් (Shruthi Ashish) යුගල ඉදිරිපත් කරන නර්තන අංගය ද සිත්ගන්නා සුළු එකක් වනු ඇත. ජන කවි ගායනා ඉදිරිපත් කරනු ලබන්නේ, මහාචාර්ය බින්ඩිගනවේලේ භාගවන් (Prof.Bindiganavele Bhagavan)සහ ආචාර්ය නර්තනා අනානි (Dr.Archana Alhani) විසිනි. රූකඩ සංදර්ශනය, යශෝධා රංගා පුතාලී (Yashoda Ranga Puthali) ගෙනි. කේවල නර්තන ඉදිරිපත් කරනු ලබන්නේ, ආරතී සුරේෂ්(Arathi Suresh) හා අනු ආනන්ද් (Anu Anand) විසිනි. ගායනා වෙන්කතේෂ් මුර්ති (Venkatesh Moorthi Shiroor) ගෝනා ස්වාමි(Gona Swami), පුෂ්පා ආරාධයා(Pushpa Aradhya) , මන්තේෂ් මාමදපුර (Manthesh Mamadapura)
සිදු කරන බව මංජුනාත් සාගර් මහතා වැඩිදුරටත් පවසයි.

මෙම ප්‍රසංග උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ,උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රෝහන පී මහලියනාරච්චි මැතිතුමා, ආචාර්ය අමිල කංකානම්ගේ මහතා යන අය සහභාගී වෙති.

පස්වරු 4.00 සිට 6.00 දක්වා පැවැත්වෙන මෙම ප්‍රසංගය නොමිලයේ පැවැත්වෙන බවත් සියලු දෙනාට ඒ සදහා ආරාධනා කරන බව ආසියානු මාධ්‍ය සංස්කෘතික සංගමය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...