සෞදි ආරක්ෂකයින් ඉතියෝපියානු සංක්‍රමණිකයින් සමූහ වශයෙන් ඝාතනය කරලා – හියුමන් රයිට්ස් වොච්

Date:

කොළඹ LNW: හියුමන් රයිට්ස් වොච් හි නව වාර්තාවකින් සෞදි දේශසීමා ආරක්ෂකයින් යේමන දේශසීමාවේ සංක්‍රමණිකයන් සමූහ වශයෙන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් හියුමන් රයිට්ස් වොච් නවතම වාර්තාවක් එළිදක්වා තිබේ.

යුද්ධයෙන් විනාශ වූ යේමනය තරණය කර සෞදි අරාබියට ළඟා වන ඉතියෝපියානුවන් සිය ගණනක් එලෙස වෙඩි තබා මරා දමා ඇති බවයි හියුමන් රයිට්ස් වොච් අනාවරණය කරන්නේ.

වෙඩි තැබීමෙන් අත් පා කපා දැමීමට සිදුව ඇති අතර මංපෙත්වල මළ සිරුරු දැක ගන්නට ඇති බවත් සංක්‍රමණිකයින් පවසා තිබේ.

එහෙත් සෞදි අරාබිය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

හියුමන් රයිට්ස් වොච් (HRW) වාර්තාවේ සඳහන් පරිදි සංක්‍රමණිකයින් සිය අත්දැකීම් පවසා ඇත්තේ මෙලෙසිනි.

” ඔවුන් අපට වැස්ස මෙන් වෙඩි තැබුවා”.

සෞදි අරාබිය සමඟ යේමනයේ රළු උතුරු දේශ සීමාවේ දී සෞදි පොලිසිය සහ සොල්දාදුවන් විසින් වෙඩි තැබූ බවත්, ඇතැම් විට පුපුරණ ද්‍රව්‍යවලින් වෙඩි තැබූ බවත් සංක්‍රමණිකයන් කියා තිබේ.

බියජනක රාත්‍රී හරස් මාර්ග ගැනඔවුන් කතා කර ඇති අතර, බොහෝ කාන්තාවන් සහ ළමයින් ඇතුළු විශාල ඉතියෝපියානු කණ්ඩායම් තෙල්වලින් පොහොසත් රාජධානියේ රැකියා සෙවීම සඳහා දේශ සීමාව තරණය කිරීමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීමට ලක් වී ඇත.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...