වැග්නර් ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මරුට ?

Date:

වැග්නර් බලකායේ ප්‍රධානි යෙව්ගනි ප්‍රිගොෂින්ට අයත් පුද්ගලික ජෙට් යානයකින් මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා පියාසර කරමින් සිටියදී මොස්කව් හි වයඹ දෙසින් ට්වර් ප්‍රදේශයට කඩා වැටි අනතුරට ලක්ව ඇතිබව රුසියාවේ ගුවන් සේවා ඒජන්සිය තහවුරු කර තිබේ.

අනතුරින් ගුවන් යානයේ සිටි සියලුම දෙන මියගොස් ඇති අතර මගී ලැයිස්තුවේ ප්‍රිගොෂින්ගේ නමද ඇති බව රුසියාවේ ගුවන් සේවා ඒජන්සිය තහවුරු කර ඇති අතර Prigozhin සහ ඔහුගේ දකුණු අත නායකයා Dmitry Utkin, Sergei Propustin, Yevgeny Makaryan, Alexander Totmin, Valery Chekalov සහ Nikolai Matuseyev යානයේ සිටි බව වාර්තා වේ.

රුසියානු ජනාධිපති පුටින්ගේ ප්‍රධාන සගයෙකු වූ යෙව්ගනි ප්‍රිගොෂින් පසුගිය ජුනි මාසයේදී රුසියානු හමුදා නායකයින්ට එරෙහිව අසාර්ථක කැරැල්ලක් දියත් කළ අතර ඔහුගේ කුලී හේවායන් ප්‍රධාන රුසියානු නගරයක් අල්ලාගෙන මොස්කව් වෙත පවා ගමන් කළහ. කැරැල්ල අවසන් වූ පසු, බොහෝ දෙනෙක් සිතුවේ Prigozhin ගේ දින ගණන් කර ඇති බවයි.

බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ, මෙම කැරැල්ල ක්‍රෙම්ලිනයට සැලකිය යුතු නින්දාවක් වූ අතර ජනාධිපති පුටින් සමාව දීමට සහ අමතක කිරීමට තරම් මිනිසෙක් නොවන බවයි.

මේ සම්බන්ධයෙන් ඩේලි ටෙලිග්‍රාෆ් වාර්තා කරන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ අණ පරිදි රුසියාවේ අභ්‍යන්තර බුද්ධි ඒජන්සිය වන FSB විසින් යානය බිම හෙළා ඇති බව එක්සත් රාජධානියේ ආරක්ෂක මූලාශ්‍ර විශ්වාස කරන බවයි.

සශිකලා මධුෂාණි -Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීන හිතවාදී ක්‍රියාකාරීන් හය දෙනෙකු එංගලන්ත අධිකරණයක් විසින් නිවැරදිකරුවන් කර නිදහස් කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 දී ඊශ්‍රායල...

සජිත්ට කාගෙන්වත් සහතික ඕනේ නෑ. ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වෙලා අත්දැකීම් තියෙන නායකයෙක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත්...

Pep Guardiola යුක්තිය සහ සාමය වෙනුවෙන් නැවතත් නැගී සිටී..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැන්චෙස්ටර් සිටි පාපන්දු...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ වෙත නව ප්‍රවේශයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු...